ඔබගේ අවුරුදු 3-5ත් අතර දරුවා සමග ආදරණීය මෙන්ම ස්නේහවන්ත බැඳීමක් ගොඩනඟා ගැනීම ඔවුන්ගේ චිත්තවේගී වර්ධනය සඳහා ඉතා වැදගත් වේ. ඔබ දෙමාපියෙක් ලෙස කාර්යභාරය ඉටු කිරීමේ දී දරුවාට අවුරුදු 3-5ත් වන මෙම අවධිය පුදුම සහගත අත්දැකීම සහ නව සොයාගැනීම් වලින් පිරී ඇති බව ඔබට වැටහෙනු ඇත. එමෙන්ම දරුවා සමග ඇති අනාගත සබඳතා හැඩ ගැස්වීමේ දී මවක ලෙස ඔබගේ භූමිකාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
මෙම කොටස මගින් ඔබට ඔබගේ දරුවා සමඟ ආදරණීය මෙන්ම ස්නේහවන්ත සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමටත්, එම සම්බන්ධතාව වැඩි දියුණු කර ගැනීමටත්, වටිනා කරුණු කාරණා සහ ප්‍රායෝගික උපදෙස් සපයනු ලැබේ.
1. දරුවා සමග “ගුණාත්මක” ලෙස කාලය ගත කිරීම.
දරුවා කෙරෙහි ම කැපවී ඔහුට/ඇයට අවධානය ලබා දීම.
ඔබේ දරුවා සමග ගත කිරීමට දිනපතාම ගුණාත්මක කාලයක් වෙන්කර ගන්න. මෙම කාල සීමාව වෙනත් බාහිර බාධා වලින් තොරව වෙනත් වැඩ වල නිරත නොවී දරුවන් සමඟම ගත කිරීමට වෙන්කර ගන්න. මෙම කාලයේ දී ඔබ කියවීමල චිත්‍ර ඇඳීම හෝ ක්‍රීඩා/සෙල්ලම් කිරීම වැනි දරුවා ප්‍රිය කරන ක්‍රියාකාරකම් වල නිරත වන්න. මෙලෙස ඇතිකරගන්නා සම්බන්ධතාව සහ අන්තර් ක්‍රියාවන් මගින් ඔබට දරුවාගේ ලෝකය තේරුම් ගැනීමට අවකාශ සැලසෙන අතරම ඔබත් දරුවාත් අතර චිත්තවේගීය සම්බන්ධතා ශක්තිමත් කිරීමට උපකාරී වේ.
දරුවාට අවධානයෙන් සවන් දීම.
ඔබේ දරුවා කතා කරන විට, ඔහුට/ඇයට අවධානයෙන් සවන් දෙන්න. ඔහුට/ ඇයට තම අදහස් ප්‍රකාශ කිරීමට දිරි ගැන්වීම සඳහා විවෘත ප්‍රශ්න (Open ended question) අසන්න. එමගින් ඔබ ඔවුන්ගේ සිතුවිලි හා හැඟීම් අගේ කරන බව ඔවුන්ට හැඟවෙයි.
2. සෙනෙහස පෙන්වීම.
වැළඳ ගැනීම හා හුරතල් කිරීම:
ශාරීරික ස්පර්ශය ඔබගේ දරුවාට ආදරය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රභලම ක්‍රමයකි. ඔබ විසින් මෘදු ලෙස දරුවාව වැළඳ ගැනීම, හුරතල් කිරීම සහ මෘදු ස්පර්ශය වැනි ක්‍රියා තුළින් දරුවාට සැනසිල්ලක් ලැබෙන බව සහතිකය. සරල වුවත් මෙම ක්‍රියා හරහා දරුවාට ලැබෙන සැනසිල්ල සහ සැනසුම ඔහුට/ඇයට ලොකු බලපෑමක් ඇති කළ හැක.
දරුවා සමග ක්‍රීඩා කිරීම.
දරුවා සමඟ විනෝදවීමල විහිළු කිරීම සහ ශාරීරික ක්‍රීඩා කිරීම ඔබත් දරුවාත් අතර ඇති බැඳීම ශක්තිමත් කිරීමට යොදා ගත හැකි විනෝදජනක ක්‍රියාවන්ය. දරුවා සමග එක්ව ඔහු කැමති මෙවන් විනෝදජනක ක්‍රීඩා වල නිරත වීම තුළින් දරුවාට ඔබ කෙරෙහි ඇති විශ්වාසය ප්‍රවර්ධනය වන අතරම දරුවාට ඔබ සමග සිටින විට ආරක්ෂිත සහ විශ්වාසනීය බවක් දැනෙනු ඇත.
3. දෛනික චර්යාවන් අනුපිළිවෙලකට සැකසීම සහ එම චර්යාවන්ට අනුකූල වීම.
පුරෝකථනය කළ හැකි දෛනික චර්යාවන් අනුපිළිවෙළක් දරුවාට සාදා දෙන්න.
දින චර්යාවකට අනුගත වීම තුළින් දරුවාගේ සංවර්ධනයේ දියුණුවක් ඇති කළ හැකිය. ආහාර ගැනීමල නිදා ගැනීමල ක්‍රීඩා කිරීම සහ නින්දට යන වේලාව ඇතුළත් දෛනික කාලසටහනක් ස්ථාපිත කරන්න. දෛනික කාල සටහනකට අනුගත වීම සහ එය ස්ථාවරව පවත්වා ගැනීම තුළින් දරුවාට ආරක්ෂිත සහ ආදරණීය බවක් දැනෙනු ඇත.
දරුවාට සීමා මායිම් දැමීම ආදරයෙන් සිදු කරන්න.
දරුවාට සීමා මායිම් දැමීම සහ නීති සැකසීම අත්‍යාවශ්‍ය නමුත් එය සහසංවේදනයකින් යුතුව සිදු කිරීම අවශ්‍යයි. සමහර හැසිරීම් වලට ඉඩ නොදෙන්නේ මන්දැයි දරුවාට පැහැදිලි කරන්න. හොඳ හැසිරීම් අගය කරන්න. නීති රීති ක්‍රියාත්මක කිරීමේදී සහ සීමා මායිම් නිර්ණය කිරීමේදී එය ස්ථාවර සිදුකිරීම තුළින් ඔබගේ අපේක්ෂාවන් තේරුම් ගැනීම දරුවාට පහසු කරවයි.
4. දරුවා කෙරෙහි ඇති ආදරය වාචිකව සන්නිවේදනය කරන්න.
දිනපතා ආදරය ප්‍රකාශ කරන්න:
ඔබ දරුවාට ආදරය කරන බව සෑම දිනකම ඔබේ දරුවාට කියන්න. ඔවුන්ගේ උත්සාහයන් සහ ජයග්‍රහණල කුඩා ඒවා පවා අගය කරන්න. ඔබගේ මෙම දිරිමත් කිරීමේ වදන් ඔවුන්ගේ ආත්ම අභිමානය වැඩි කරනු ඇත.
දරුවාට දැනෙන හැඟීම් ප්‍රකාශ කිරීමට ඔහුව ඇයව දිරිමත් කරන්න.
දරුවාගේ හැඟීම් සහ සිතුවිලි ප්‍රකාශ කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඔවුන් ඔබ සමග කතා කරන විට උද්යෝගයෙන් සහ උනන්දුවෙන් අසා සිටින බව ඔවුන්ට පෙන්වන්න. එය දරුවා සහ ඔබ අතර විවෘත සන්නිවේදනයක් ඇතිවීම දිරිමත් කරයි.
5. වාචික නොවන සන්නිවේදනය /ඉඟි
සන්නිවේදනයේදී සිනහවෙන් සහ ඇස් වලින් ලබාදෙන ඉඟි:
ඔබේ දරුවා ඔබ සිටින තැනට පැමිණෙන විට හෝ ඔබේ අවධානය පතන විට ඔහු / ඇය සමඟ සිනාසී ඇස් වලින් ලබාදෙන ඉඟි වලින් සම්බන්ධතාව පවත්වාගෙන ඔවුන්ට අවධානය ලබාදෙන බව ඒත්තු ගන්වන්න. මෙම වාචික නොවන ඉඟිල දරුවා කෙරෙහි ඔබේ ඇති සෙනෙහස සහ උනන්දුව සන්නිවේදනය කිරීමට ඉතා වැදගත්ය.
ශරීර අංග චලනයන්ගෙන්ද සන්නිවේදනය කළ හැකිය.
ඔබගේ ශාරීරික අංග චලනයන් සහ මුහුණේ ඉරියව් බොහෝ දේ ප්‍රකාශ කරයි. ආදරයල උණුසුම සහ ඉවසීම වැනි හැඟීම් දරුවාට ප්‍රකාශ කිරීමට මෙම ශාරීරික අංග චලනයන් හා මුහුණේ ඉරියව් භාවිතා කරන්න.
6. දරුවාට ස්වාධීනත්වය දිරිමත් කරන්න.
දරුවාට ඔවුන්ගේ ලෝකය ගවේෂණය කිරීමට සහාය වන්න.
ඔබේ දරුවාට ආරක්ෂිත සීමාවන් තුළ ඔවුන්ගේ ලෝකය ගවේෂණය කිරීමට ඉඩ දෙන්න. දරුවාට තනිවම ඔහුගේ ඇඳුම් තෝරා ගැනීම කෑමට කැමති දේ තෝරා ගැනීම වැනි තීරණ හා තේරීම් කිරීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ ස්වාධීනත්වය දිරිමත් කරන්න.
කුඩා ජයග්‍රහණ වුවද සමරන්න:
ඔබේ දරුවාගේ ජයග්‍රහණ කොතරම් සුළු වුවත් ඒවාට ප්‍රශංසා කරන්න. එලෙස ප්‍රශංසා කිරීම සහ ඔවුන්ගේ උත්සාහයන් සැමරීම ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා වටිනාකම වැඩි කිරීමට හේතු වෙයි.
7. ඉවසීම සහ අවබෝධය:
දරුවා කේන්ති ගන්නා අවස්ථා වලට මුහුණ දීම හා එම අවස්ථා හැසිරවීම:
දරුවාට කේන්ති යාම මෙම වයසේදී සාමාන්‍ය දෙයකි. එම අවස්ථාවන්හිදී ඔබ සන්සුන්ව සිටින්නග දරුවා සනස වීමට සහ ඔවුන්ට ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට උපකාර කරන්න. එසේ කිරීමෙන් දරුවාට ඔහුගේ චිත්තවේග නියාමනය කිරීම ඔබට ඉගැන්විය හැකිය.
සන්නිවේදනය
ඔබේ දරුවා මුහුණ දෙන අවස්ථා ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් (සහසංවේදීව) බැලීමට උත්සාහ කරන්න. සහසංවේදීව දරුවාට ප්‍රතිචාර දැක්වීම තුළින් දරුවාට ඔහුගේ හැඟීම් තේරුම් ගැනීම සඳහා උදව් කිරීමට ඔබ සිටින බව ඔවුන්ට සහතික කරයි.
8. ඔබ කෙරෙහි ඔබ සැලකිලිමත් වන්න (ස්වයං රැකවරණය)
ඔබ ගැන ඔබ සැලකිලිමත් වන්න.
හොඳ මා පියෙකු වීමට ඔබට ස්වයං රැකවරණය අවශ්‍ය වේ. ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමටත්ල හොඳින් ආහාර ගැනීමටත්ල ඔබව සතුටු කරන ක්‍රියාකාරකම් සඳහා කාලය සොයාගැනීමටත් සහතික වන්න. හොඳින් ජීවිතය සමබරව ගෙන යන තෘප්තිමත් දෙමාපියෙකුකුට ඔවුන්ගේ දරුවාට වඩාත් හොඳින් ආදරය සහ සහයෝගය ලබාදීමට හැකිය.
ඔබ සහ ඔබේ දරුවා අතර ආදරය සෙනෙහස සහ බැඳීම ශක්තිමත් කිරීම ප්‍රතිලාභදායක වේ. මෙම කොටසෙහි සකසා ඇති විස්තර සැලසුම් කර ඇත්තේ දරුවා සහ ඔබ අතර චිත්තවේගීය වර්ධනයක් සහ සෞඛ්‍යසම්පන්න බැඳීමක් ඇති කරන පෝෂණීය පරිසරයක් නිර්මාණය කිරීමට ඔබට උපකාර කිරීමටය. සෑම දරුවකුම අද්විතීයයි (එකිනෙකාට වෙනස්), එබැවින් ඔබේ දරුවාගේ අවශ්‍යතාවයන්ට සහ පෞරුෂයට ගැළපෙන පරිදි මෙහි දක්වා ඇති යෝජනා සකසා ගන්න.
මෙම මාර්ගෝපදේශය අනුගමනය කිරීමෙන් ඔබට ඔබගේ දරුවා සමග ආදරණිය සහ කල්පවත්නා සම්බන්ධතාවයක් ඇති කර ගැනීමටත්, ඔබේ දෙමාපිය ස්වයං ඵලදායීතාව/ ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීමටත්, දෙමව්පියභාවය ප්‍රීතියෙන් භුක්ති විඳීමටත් හැකිවනු ඇත.