ඔබේ දරුවා සමඟ සම්බන්ධ වීම සඳහා ඔවුන්ගේ හැඟීම් අවබෝධ කර ගැනීම සහ එම හැඟීම් පෝෂණය කිරීම

 

චිත්තවේගයන් මිනිස් අත්දැකීම් වල මූලික අංගයක් වන අතර ඔබේ දරුවාට ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට සහ කළමනාකරණය කිරීමට උගැන්වීම තීරණාත්මක සංවර්ධන සන්ධිස්ථානයකි. මවක් ලෙස ඔබේ දරුවාට මෙම චිත්තවේගීය ගමනේ සැරිසැරීමට උපකාර කිරීමේදී ඔබේ කාර්යභාරය ඉතා වැදගත් වේ. මෙම කොටස ඔබේ හැඟීම් පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමට සහ ඔබේ දරුවා සමග චිත්තවේගීය සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට වටිනා අවබෝධයක් සහ ප්‍රායෝගික උපදෙස් සපයයි.

1. ඔබේ දරුවාගේ චිත්තවේගීය ලෝකය:

  •  හැඟීම් හඳුනාගැනීම:

මෙම වයසේදී දරුවන් පුළුල් පරාසයක හැඟීම් අත්විදින නමුත් ඒවා හඳුනා ගැනීම සහ ප්‍රකාශ කිරීම ඔවුනට අසීරු විය හැකිය. පොදු හැඟීම් වලට සතුට, කලකිරීම, බිය සහ දුක ඇතුළත් වේ. 

  • චිත්තවේගීය උත්ප්‍රේරක:

ඔබේ දරුවා තුළ ප්‍රබල චිත්තවේගයන් අවුළුවා ලිය හැකි තත්වයන් හෝ සිදුවීම් තේරුම් ගන්න. මේවා ඔවුන්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක් නොලැබීම හෝ වෙහෙසට පත්වීම වැනි සරල දේවල් විය හැකිය.

2. ඔබගේ චිත්තවේගීය ප්‍රකාශන ආකෘති ලෙස නිර්මාණය කිරීම:

  • ඔබගේ චිත්තවේග ප්‍රකාශ කිරීමේ දී දරුවාට ආදර්ශයක් වන්න:

දරුවන් ඔබව නිරීක්ෂණය කිරීම මගින් ඉගෙන ගැනීම සිදුකරයි. එම නිසා ඔබේ හැඟීම් දරුවාගේ වයසට ගැළපෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න චිත්තවේගී ප්‍රකාශනයක් නිරූපණය කරන්න. උදාහරණයක් ලෙස ඔබ අභියෝගයකට මුහුණ දුන් විට “මට දැන් ටිකක් අපහසුතාවයක් හා කලකිරීමක් දැනෙනවා” යනුවෙන් ඔබගේ චිත්තවේග සහ හැඟීම් ප්‍රකාශ කිරීම කළ හැකියි.

  •  ඔබේ දරුවාගේ හැඟීම් සහ චිත්තවේග තහවුරු කරන්න: 

ඔබේ දරුවාට හැඟීම් සහ චිත්තවේග දැනෙන සහ හැඟෙන ආකාරය ගැන කතා කිරීමට දිරිගන්වන්න. ඔහු හෝ ඇය දුකින් සිටින විට, “ඔයා දුකෙන් ඉන්න බව මට පේනවා. එහෙම හිතුනට කමක් නැහැ” කියමින් ඔවුන්ගේ හැඟීම් තහවුරු කරන්න.

3. හැඟීම් සහ චිත්තවේග කේන්ද්‍රකරගත් සන්නිවේදනය

  • සහසංවේදනයෙන් යුතුව දරුවාට සවන් දීම:

ඔබේ දරුවා ඔවුන්ගේ හැඟීම් බෙදා ගන්නා විට ඒවාට අවධානයෙන් සහ සහ සහසංවේදනයෙන් යුතුව ව සවන් දෙන්න. “ඔයාට එහෙම හැඟෙන්නේ ඇයි කියලා මට තේරෙනවා” යනුවෙන් පැවසීමෙන් ඔබ දරුවා තේරුම් ගත් බව ඔවුන්ට දන්වන්න.

  • විවෘත ප්‍රශ්න අසන්න:

“ඔයාට එහෙම හැඟුණේ ඇයි/ ඔයාට එහෙම හිතෙන්නේ ඇයි කියලා මට තව ටිකක් විස්තර කරල කියන්න පුළුවන්ද” වැනි ප්‍රශ්න භාවිතා කරමින් ඔවුන්ට තම අදහස් ප්‍රකාශ කිරීම දිරිමත් කරවන්න.

4. දරුවාට චිත්තවේග නියාමනය කරගැනීමට ඉගැන්වීම:

  •   හුස්ම ගැනීමේ අභ්‍යාස:

ඔබේ දරුවාට ඔවුන් කලබල වූ විට හෝ අපහසුතාවයට පත්වූ විට සන්සුන් වීමට උපකාර කිරීම සඳහා සරල ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාස උගන්වන්න. ගැඹුරු හුස්මක් ගන්නා අතරතුර තුනට ගණන් කිරීම වැනි විනෝදජනක සහ ඵලදායි උපක්‍රම උගන්වන්න.

  • දරුවා සන්සුන් කිරීම සදහා ශිල්පීය උපක්‍රම භාවිතා කරන්න:

දරුවා දුකට පත්වී ඇති හෝ අපහසුතාවයට පත්වී ඇති අවස්ථාවන්වලදී ඔබේ දරුවා සනසාලීම සඳහා ඔහුගේ හෝ ඇයගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක් හෝ උණුසුම් බ්ලැන්කට් එකක් වැනි සුවපහසු වස්තුවක් ඔවුනට ලබා දෙන්න. එය ඔවුන්ට ඔවුන්ගේ චිත්තවේග සහ හැඟීම් පාලනය කර ගැනීමට උපකාරයක් වනු ඇත.

5. දරුවාට ආරක්ෂිත අවකාශයක් ස්ථාපිත කිරීම:

  • ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්න:

ඔබගේ නිවස, ඔබේ දරුවාට විනිශ්චයකින් තොරව සහ ආරක්ෂිත ලෙස තම හැඟීම් ප්‍රකාශ කිරීමට පහසුවක් දැනෙන පෝෂණීය අවකාශයක් බවට පත්කරගන්න.

  • දරුවා අභියෝගාත්මකව හැසිරෙන විට දී හා අභියෝගාත්මක චිත්තවේගයන් ට මුහුණ දෙන අවස්ථාවලදී දඬුවම් කිරීම වෙනුවට එම වෙලාවන්හිදී දරුවා සමග කාලය ගත කිරීම:

දරුවා අභියෝගාත්මක ලෙස හැසිරෙන විට සහ අභියෝගාත්මක චිත්තවේග වලට මුහුණ දී සිටින විට ඔවුනට දඬුවම් කිරීමක් ලෙස ඔවුන්ව වෙන් කර තැබීම වෙනුවට දරුවා අභියෝගාත්මක ලෙස හැසිරෙන විට සහ ඔවුන් අභියෝගාත්මක චිත්තවේගයන් ට මුහුණ දෙන අවස්ථාවන්වලදී ඔබ දරුවා සමග සිට ඔවුන්ට එම අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දීමට උදව් කරන්න. එම අවස්ථාවන්වලදී දරුවා සමඟ කාලය ගත කරන්න. 

6. ගැටලු විසඳාගැනීමට දරුවාට ඉගැන්වීම:

  •  ගැටලු විසඳීමේ කුසලතා:

ඔබේ දරුවාට මුලික ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කිරීමට උදව් කරන්න. සුළු අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා ඔවුන්ව දිරිමත් කරන්න.

  • ධනාත්මක ලෙස දරුවා ශක්තිමත් කිරීම:

ඔබේ දරුවා චිත්තවේග කළමනාකරණය සහ ගැටළු විසඳීම සඳහා දරන සුළු හෝ උත්සාහයන් ප්‍රශංසා කරන්න. චිත්තවේග කළමනාකරණය සහ ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය සම්පන්න ක්‍රම සොයා ගැනීම වැදගත් වේ යන අදහස ශක්තිමත් කරන්න.

7. චිත්තවේගයන් සහ හැඟීම් වල විවිධත්වය පිළිගැනීම:

 

  •  සියලු හැඟීම් පිළිගන්න:

සතුට, දුක, තරහ, උද්දාමය වැනි සියළුම හැඟීම් වලංගු බව ඔබේ දරුවාට ඒත්තු ගන්වන්න. මෙම පිළිගැනීම ඔවුන් ගේ නිරෝගී චිත්තවේග සහ හැඟීම් මාලාවක් වර්ධනය කිරීමට උපකාරී වේ.

8. ඔබ වෙනුවෙන් ස්වයං රැකවරණය:

  • ඔබ ඔබ ගැන සැලකිලිමත් වන්න (ස්වයං රැකවරණය):

චිත්තවේගයන් විසින් සහ හැඟීම් වලින් ඔබ වෙහෙසට පත් විය හැක. එබැවින් ඔබේ චිත්ත වේගීය සමතුලිතතාවය පවත්වා ගැනීමට ඔබ ස්වයං රැකවරණය පුරුදු කරන බවට සහතික වන්න. හොඳින් විවේකීව සිටින සහ චිත්තවේගීය වශයෙන් ස්ථාවර දෙමාපියකුට තම දරුවාට වඩාත් හොඳින් සහය වීමට හැකිය.

 

ඔබේ දරුවා තුළ ඇති හැඟීම් සහ චිත්තවේග අවබෝධ කරගැනීම සහ පෝෂණය කිරීම දෙමාපිය භාවයේ වැදගත් අංගයකි. මෙහි සපයා ඇති විස්තර සහ ඉඟි ඔබගේ සහ දරුවාගේ චිත්තවේගීය හඳුනා ගැනීමට සහ ඒවාට සාර්ථකව මුහුණ දීමට උදව් කිරීම සඳහා සැලසුම් කර ඇත. සෑම දරුවකුම අද්විතීයයි. එබැවින් ඔබේ දරුවාගේ පෞද්ගලික අවශ්‍යතා සහ පෞරුෂයට ගැළපෙන පරිදි මෙම යෝජනා සකස් කරගන්න. චිත්තවේගීය බුද්දිය සහ ආරක්ෂිත චිත්තවේගීය අවකාශයක් පෝෂණය කිරීමෙන් ඔබ ඔබේ දරුවාට ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමටත් ඒවාට සාර්ථකව මුහුණ දීමටත් උපකාර කරන අතරම ඔබේ සහ දරුවාගේ බැඳීම ශක්තිමත් කිරීමටත් ඔබගේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය/ ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීමටත් හේතු වේ.