ඔබේ දරුවා හොඳින් අවබෝධ කර ගැනීම ඵලදායි දෙමාපිය භාවයේ මූලික ලක්ෂණයකි. මෙම අවධියේදී දරුවාගේ සීග්‍ර සංවර්ධනයක් සහ වර්ධනයක් සිදුවන අතරම දරුවා ස්වාධීන වීමට උත්සාහ දරනු ඇත. එම නිසා මෙම අවධිය ශක්තිමත් දෙමාපිය දූ දරු සබඳතාවක් ඇති කර ගැනීමටත් එම සබඳතාව පෝෂණය කිරීම සඳහා තීරණාත්මක කාලයක් බවට පත් වේ. මෙම කොටස තුළින් දරුවා හොඳින් අවබෝධ කර ගැනීමේ වැදගත්කම ඉදිරිපත් කරන අතරම ඔබේ දරුවා සමඟ ගැඹුරු, ඉතා හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය වන ප්‍රායෝගික උපදෙස් ලබා දෙන්නෙමු.
1. අවුරුදු 3ත් – 5ත් අතර දරුවකුගේ අද්විතීය ලෝකය:
වේගවත්ව සිදු වන සංජානන වර්ධනය:
මෙම වයස් කාණ්ඩයේ දරුවන් සැලකිය යුතු ශීඝ්‍ර සංජානන වර්ධනයක් පෙන්නුම් කරති. ඔවුන්ගේ භාෂා කුසලතා, ගැටලු විසඳීමේ හැකියාව සහ මතකය වේගයෙන් වර්ධනය වේ.
විවිධ වූ හැඟීම් වලට දරුවා මුහුණ දීම:
ඔබේ දරුවා විවිධ වූ හැඟීම් රාශියකට (උදාහරණ: දුක, සතුට, කෝපය, පුදුමය යනාදී හැඟීම්) මුහුණ දීමට සහ ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබඳව ඉගෙනගනිමින් සිටි. දරුවන් සමහරවිට හැඟීම් නිසි ලෙස ප්‍රකාශ කිරීමට නොහැකිව අරගලයක පැටලී සිටීමට පුළුවන. එහිදී එම හැඟීම් තේරුම් ගැනීමටත් එම හැඟීම් ප්‍රකාශ කිරීමටත් ඔබගේ උදව් ඔවුනට අත්‍යවශ්‍ය වේ.
2. දරුවා අවබෝධ කර ගැනීමේ වැදගත්කම:
විශ්වාසය ගොඩනගා ගැනීම:
ඔබේ දරුවාගේ අවශ්‍යතා, සිතුවිලි සහ හැඟීම් ඔබ තේරුම් ගත් විට ඔබ සහ දරුවා අතර විශ්වාසයක් ගොඩනැගේ. මෙම විශ්වාසය ඔබ සහ දරුවා අතර විවෘත සන්නිවේදනයක් ඇති වීම සඳහා අත්‍යවශ්‍ය වේ.
චිත්තවේගීය යහපැවැත්ම:
ඔබේ දරුවාගේ හැඟීම් පිළිබඳ ඔබට ගැඹුරු අවබෝධයක් ඇත්නම් ඔවුන්ගේ චිත්තවේගීය වර්ධනයට සහාය වීමට ඔබට හැකියාව ඇති අතර ම දරුවා අභියෝගාත්මක කාල වලට මුහුණ දෙන විටදී එම දරුවාට සැනසීම ලබා දීමට උපකාර කිරීමටද ඔබට හැකියාව පවතී.
3. දරුවාට ක්‍රියාකාරීව සවන්දීම:
අවධානය යොමු කරන්න:
ඔබේ දරුවා කතා කරන විට ඔබේ සම්පූර්ණ අවධානය ඔවුන්ට ලබා දෙන්න. ඔවුන්ගේ ඇස් මට්ටමට ගොස්, ඇස්වලින් සම්බන්ධතාව පවත්වා ගනිමින් ක්‍රියාශීලීව ඔබ ඔවුන්ට සවන් දෙන බව පෙන්වන්න.
විවෘත ප්‍රශ්න අසන්න:
“ඔබට ඒ ගැන තව වැඩිපුර විස්තර මට කියන්න පුළුවන්ද?” වැනි විවෘත ප්‍රශ්න අසමින් තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඔබේ දරුවා නිරන්තරයෙන් දිරිමත් කරන්න.
4. වාචික නොවන ඉඟි:
දරුවාගේ ශරීර අංග චලනයන් නිරීක්ෂණය කරන්න:
ඔබේ දරුවාගේ ශරීර අංග චලනයන් සහ මුහුණේ ඉරියව් කෙරෙහි හොඳින් අවධානය යොමු කරන්න. බොහෝ විට ඔවුන්ට හැඟීම් වාචිකව ප්‍රකාශ කළ නොහැකි අවස්ථාවන්වලදී ඔවුන් මෙම ශරීර අංග චලනයන්ගෙන් සහ මුහුණේ ඉරියව්වලින් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම සිදුකරනු ලබයි. එබැවින් මෙම ශරීර අංග චලනයන් සහ මුහුණේ ඉරියව් තේරුම් ගැනීම තුළින් දරුවා අවබෝධ කර ගැනීම ඔබට පහසු කරවයි.
සහසංවේදනයෙන් යුතුව දරුවාට ප්‍රතිචාර දක්වන්න:
දරුවා ප්‍රකාශ කරන වාචික නොවන ඉඟි ඔබ දුටු විට සහසංවේදනයෙන් යුතුව ඒවාට ප්‍රතිචාර දක්වන්න. උදාහරණයක් වශයෙන් ඔවුන් දුකෙන් සිටින බව ඔවුන්ගේ ශරීර අංග චලනයන්ගෙන් හෝ මුහුණේ ඉරියව්වලින් ඔබට පෙනේනම්, “ඔබට ටිකක් දුකක් දැනෙන බව මට පේනවා. ඔයාට ඒ ගැන කතා කරන්න අවශ්‍ය ද?” යනුවෙන් ඔහු හෝ ඇය සමඟ සන්නිවේදනය කිරීම ඉතා වැදගත්.
5. දරුවාගේ සංවර්ධන පියවර:
ඒ ඒ වයසට දරුවාගේ සංවර්ධන පියවරයන් ගැන දැනුම ලබාගන්න:
ඒ ඒ වයසට අදාළ දරුවාගේ සංවර්ධන පියවර පිළිබඳව ඔබ දැනුවත් වන්න. එමගින් ඔබේ දරුවා අත්විඳින්නේ කුමන සංවර්ධන පියවරක් ද යන්න තේරුම් ගැනීමටත් යථාර්ථවාදී ලෙස මෙම වයස් කාණ්ඩයට අදාල සංවර්ධන පියවර පිළිබඳ අපේක්ෂා කිරීමටත් ඔබට මෙය උපකාරී වේ.
දරුවාගේ ප්‍රගතිය සමරන්න:
ඔබේ දරුවාගේ ජයග්‍රහණ කොතරම් කුඩා වුවත් ඒවා සමරන්න. මෙම ධනාත්මක ශක්තිමත් කිරීම තුළින් දරුවාගේ ගවේෂණ හැකියාවත්, ඉගෙනීමේ හැකියාවත් දිරිමත් කිරීම සිදුවේ.
6. දරුවාගේ ස්වාධීනත්වය පිළිගන්න:
තීරණ ගැනීම සඳහා දරුවා දිරිමත් කරන්න:
ඔබේ දරුවාට වයසට ගැළපෙන තේරීම් කිරීමට ඉඩ සලසා දෙන්න. එය ඔවුන් කැමති ඇඳුමක් තෝරා ගැනීම හෝ ඔවුන් කැමති කෑම වර්ගයක් තෝරා ගැනීම වැනි සරල දෙයක් විය හැකිය නමුත් මෙම ස්වාධීනත්වය සහ වගකීම දරුවා දිරිමත් කිරීමට හේතු වේ.
දරුවාට මග පෙන්වන්න. අණ නොකරන්න:
කළ යුතු දේ ඔබ පවසනවා වෙනුවට දරුවාට මග පෙන්වීමක් ලබා දෙන්න. උදාහරණයක් වශයෙන් “ඔබේ සපත්තු පළඳින්න” යනුවෙන් පැවසීම වෙනුවට “ඔබට ඔබේ සපත්තු පැළදිය හැකි ද? එවිට අපට උද්‍යානයට යා හැකියි” යනුවෙන් පැවසීම සිදු කළ හැක. මෙලෙස දරුවාට අණ කිරීම වෙනුවට දරුවාට මගපෙන්වීමක් සිදුකිරීම සෑමවිටම තෝරාගන්න.
7. ඉවසීම සහ නම්‍යශීලී බව:
අභියෝග බලාපොරොත්තු වීම සහ ඒවාට මුහුණදීම:
අභියෝගයන්ට මුහුණදීම මෙම සංවර්ධන අවධියේ කොටසක් බව තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් දරුවන්ට තම අවශ්‍යතා ඵලදායි ලෙස සන්නිවේදනය කර ගැනීමට නොහැකි වූ විට හෝ කලකිරීමට පත් වූ විට ඔවුන් එය ප්‍රකාශ කිරීමට මාර්ගයක් ලෙස තරහ ගැනීම සිදු කළ හැක. මෙම අභියෝග ඔබ හොඳින් තේරුම්ගෙන ඒවාට සාර්ථකව මුහුණ දීම ඉතා වැදගත් වේ.
සන්සුන්ව සිටින්න:
දුෂ්කර අවස්ථාවන් වලට මුහුණ දෙන විටදී සහ දරුවා අභියෝගාත්මක ලෙස හැසිරෙන විටදී ඔබ සන්සුන්ව සහ ඉවසීමෙන් සිටින්න. ඔබගේ ස්වයංපාලනය දරුවාට ආරක්ෂිත බවක් දැනීමට සහ සහයෝගයක් දැනීමට උපකාරී වේ.
8. ඔබ වෙනුවෙන් ස්වයං රැකවරණය:
ඔබ ඔබ ගැන සැලකිලිමත් වන්න:
අවබෝධයෙන් යුතු සහ ඉවසිලිවන්ත දෙමාපියකු වීමට නම් ඔබ ඔබ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. ඔබේ චිත්තවේගීය සමතුලිතතාවය රැක ගැනීමට සහ පවත්වාගෙන යාමට ස්වයං රැකවරණය සඳහා කාලය වෙන් කරගන්න.
ඔබේ දරුවා තේරුම් ගැනීම ඉවසීමෙන් යුතුව සහසංවේදීව සහ ක්‍රියාශීලී සවන්දීමකින් සිදු කළ යුතු අඛණ්ඩ ක්‍රියාවලියකි. මෙහි සපයා ඇති ඉඟි සහ විස්තර සැලසුම් කර ඇත්තේ ඔබේ දරුවා සමඟ ඔබට ඉතා හොඳ බැඳීමක් ඇති කර ගැනීමට සහ මෙම තීරණාත්මක සංවර්ධන අදියර ඔබට දරුවා සමඟ එකට සැරිසැරීමට උදව් කිරීමටයි. සෑම දරුවකුම අද්විතීයයි එබැවින් ඔබේ දරුවාගේ පුද්ගලික අවශ්‍යතා සහ පෞරුෂයට ගැළපෙන පරිදි මෙම යෝජනා සකස් කරගන්න. දරුවා සමඟ ඇති අවබෝධය වර්ධනය කිරීම මගින්, ඔබ සහ දරුවා අතර බැඳීම ශක්තිමත් කර ඔවුන්ගේ සංවර්ධනයට සහාය වන අතරම එමගින් ඔබගේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය/ ස්වයං ඵලදායිතාවය සහ ආත්ම විශ්වාසය ද වැඩි කරයි.