දරුවා පාලනය, විනය සහ සීමා මායිම් සැකසීම දෙමාපියභාවයේ අත්‍යවශ්‍ය අංගයක් වේ. විශේෂයෙන්ම අවුරුදු 3- 5 ත් අතර වයසේ පසුවන දරුවන් ඔවුන්ගේ ලෝකය ගවේෂණය කිරීමට උත්සාහ කරන අතරම ඔවුන්ගේ ස්වාධීනත්වය තහවුරු කර ගැනීමට ද උත්සාහ දරයි. එමනිසා ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේ දී ආදරයෙන් ඔවුනට මඟ පෙන්වීමත් සීමා මායිම් සහ විනය සීමාවන් පැනවීමත් අත්‍යවශ්‍ය වෙයි. මෙම කොටස මගින් දරුවා පාලනය, විනය සහ සීමා මායිම් සැකසීම සඳහා අවශ්‍ය වන තීරණාත්මක අංගයන් ඉදිරිපත් කරන අතරම එමගින් මව්වරුන්ට ඔවුන්ගේ විශ්වාසය සහ ස්වයං ඵලදායිතාවය වැඩි කර ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික උපදෙස් සපයයි.
1. දරුවාට සීමා මායිම් සැකසීම වැදගත්කම:
ආරක්ෂාව සහ ව්‍යුහය: සීමා මායිම් සැකසීම තුලින් ඔබේ දරුවාට ඉගෙන ගැනීමට සහ වර්ධනය වීමට ආරක්ෂිත සහ ව්‍යුහගත පරිසරයක් නිර්මාණය වේ. එමෙන්ම දරුවන්ට ඔවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වන දේ තේරුම් ගැනීමටද එය උපකාර කරයි.
අනුකූලතාවය: සීමා මායිම් සැකසීම ස්ථාවරව සිදුකිරීම තුළින් දරුවාට එය පුරෝකතනය කිරීමේ හැකියාවක් ඇති කරන බැවින් එමගින් දරුවාට යම්කිසි සහනයක් ළඟා කර දීමට උදව්වක් සිදුවේ. දරුවා ඔහුට අදාල නීතිරීති සහ සීමා මායිම් දන්නා විට ඔවුන්ට එම සීමා මායිම් තුළ ගවේෂණය සහ ඉගෙනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකිය.
2. ඵලදායි ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම:
ධනාත්මක ශක්තිමත් කිරීම: දරුවාගේ යහපත් හැසිරීම් ප්‍රශංසා කිරීම සහ එම ක්‍රියා වලට ත්‍යාග ලබාදීම සිදුකිරීම, දරුවාගේ හොඳ ක්‍රියාවන් ශක්තිමත් කිරීමට උපකාර කරන අතරම එම ක්‍රියාවන් නැවත කිරීමට ඔබ දරුවා දිරිමත් කරයි.
දරුවා අභියෝගාත්මකව හැසිරෙන විට දඬුවම් කිරීම වෙනුවට එම වේලාවන්හිදී දරුවා සමග කාලය ගත කිරීම: දරුවා අභියෝගාත්මක ලෙස හැසිරෙන විට ඔවුන්ට දඬුවම් කිරීමක් ලෙස ඔවුන්ව වෙන්කර තැබීම වෙනුවට එම අවස්ථාවන්හිදී ඔබ දරුවා සමග සිට ඔවුන්ට එම අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දීමට උදව් කරන්න. එම අවස්ථාවන්වලදී දරුවා සමඟ කාලය ගත කරන්න.
3. හොඳ සන්නිවේදනයේ ඇති වැදගත්කම:
දරුවාට සීමා මායිම් සහ නීතිරීති පැහැදිලි කරන්න: සරල වචන භාවිතා කරමින් ඉතාමත්ම සරළව දරුවාට අදාළ සීමා මායිම් සහ නීති රීති ඔහුට/ ඇයට පැහැදිලි කර දෙන්න. උදාහරණයක් ලෙස දරුවා සෙල්ලම් බඩු විසි කරන අවස්ථාවකදී, “එහෙම කරන්න එපා” කියනවා වෙනුවට “බබා අපි සෙල්ලම් බඩු විසි කරන්නේ නැහැ. එහෙම කලොත් කාට හරි රිදෙන්න තුවාල වෙන්න පුළුවන්” කියා දරුවාට පැහැදිලි කර දිය හැක.
ක්‍රියාශීලීව ඔබේ දරුවාට සවන් දෙන්න: ඔබේ දරුවාට ඔවුන්ගේ හැඟීම් සහ සිතුවිලි ප්‍රකාශ කිරීම සඳහා ඔවුන්ව දිරිමත් කරන්න. ඔවුන් කතා කරන විට අවධානයෙන් සවන් දී ඔවුන් සමග සහ සංවේදීව කටයුතු කරන්න.
4. ඔබ දරුවා සමග හැලහැප්පීම්/ සටන් ඇතිකර ගැනීමට අවශ්‍ය සහ අනවශ්‍ය අවස්ථා තෝරා බේරාගන්න:
නීතිරීති වලට සහ සීමා මායිම්වලට ප්‍රමුඛතාවය ලබා දෙන්න: දරුවා කරන සියළුම වැරදි වලට ඔහු සමග හැලහැප්පීම් ඇති කර ගැනීමට/ සටන් කිරීමට වටින්නේ නැති බව හඳුනාගන්න. දරුවාට සීමා මායිම් සැකසීමේදී සහ ඒවා බලාත්මක කිරීමේදී දරුවාගේ ආරක්ෂාව සහ දරුවා සහ ඔබ අතර ඇති මූලික අගයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.
නම්‍යශීලී වන්න: ඔබ දරුවා සමග ප්‍රශ්න විසඳන ආකාරය සහ ප්‍රශ්න විසඳීමට ප්‍රවේශ වන ආකාරය, දරුවාගේ වයසට, දරුවාගේ ස්වභාවයට සහ එම අවස්ථාවේදී ඔබ සහ දරුවා මුහුණ දෙන තත්ත්වයට අනුගත වන ලෙස වෙනස් කර ගන්න.
5. ඔබ බලාත්මක කළ නීති රීති සහ සීමා මායිම් වලට අනුකූලව සැමවිටම කටයුතු කරන්න:
නීති රීති බලාත්මක කිරීමේ දී එය ස්ථාවරව කිරීම අනුගමනය කරන්න: ඔබ නීති රීතියක් සැකසූ විටදී හෝ සීමා මායිමක් දරුවාට දැමූ විටදී එය බලාත්මක කිරීම ස්ථාවර ව සිදු කරන්න. ඔබ නිරන්තරයෙන් එම සීමා මායිම් වෙනස් කිරීමට හෝ නීති රීති වෙනස් කිරීමට ගියහොත් දරුවාට එය ව්‍යාකූල විය හැකි අතර ඔවුන්ට එම සීමා මායිම් තේරුම් ගැනීමට සහ එම නීතිරීති තේරුම් ගැනීමටත් ඒවාට අනුගත වීමටත් අපහසු වේ.
දරුවා රැකබලා ගැනීම සඳහා උදව් කරන අනෙකුත් සියලුම පාර්ශව සම්බන්ධ කරගන්න: දරුවා රැක බලා ගැනීම සඳහා දායක වන සියළුම පුද්ගලයන් (ආච්චි, සීයා, දරුවන් රැක බලා ගන්නා ස්ථානවල සිටින පුද්ගලයින් වැනි) ඔබ දරුවාට දමා ඇති නීතිරීති සහ සීමා මායිම් පිළිබඳව දැනුවත්ව සිටින බවට සහතික වන්න. ඔවුන් සියලු දෙනාම ඔබ බලාත්මක කර ඇති නීති රීති වලට සහ සීමා මායිම් වලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
6. දරුවාට ඔහුට අදාල තෝරාගැනීම් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන්න:
තීරණ ගැනීමට දරුවා සවිබලගැන්වීම: ඔබේ දරුවාට ඔහුට අදාළ තීන්දු තීරණ ගැනීම කෙරෙහි යම් පාලනයක් ඇති කර ගැනීමට ඉඩ සලස්වමින් ඔහුට සීමිත තේරීම් ලබාදීමට උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස “ඔයා අද නිල් පාට කමිසය ද අඳින්නෙ? රතු පාට කමිසය ද අඳින්නෙ?” යනුවෙන් ඇසීමෙන් අදාළ කමිසය තෝරා ගැනීමට ඔහුට තීරණයක් ගැනීමට අවස්ථාව සලස්වා දිය හැකිය.
දරුවා සමග රණ්ඩු වීමෙන් වළකින්න. දරුවා පාලනය කිරීම සදහා ඔබට බලයක් ඇති බව සිතමින් දරුවා සමඟ බල අරගල කිරීමෙන් වලකින්න: ඔබ දරුවාට බලාත්මක කර ඇති සීමා මායිම් සහ ඔබ දරුවාට දමා ඇති නීති රීති ඇතුළත ඔහුට/ ඇයට අවශ්‍ය දේවල් සඳහා තේරීම් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දීම තුලින් ඔබ සහ දරුවා අතර ඇතිවිය හැකි බල අරගලය අවම කර ගැනීමට හැකියාව ඇත. එමගින් දරුවා සහ ඔබ අතර සහයෝගිතාව ඇතිවීමද දිරිමත් කරයි.
7. ධනාත්මක ලෙස විනය ක්‍රියා සිදුකිරීම:
දරුවාගේ අවධානය සහ ඔහුගේ අභියෝගාත්මක හැසිරීම් වෙනතකට යොමු කිරීම: දරුවා අභියෝගාත්මක ලෙස හැසිරෙන විට “ඒක කරන්න එපා”, “ඕක නවත්තන්න” කියා කියනවා වෙනුවට ඔබේ දරුවාගේ අවධානය වෙනත් සුදුසු ක්‍රියාකාරකමක් වෙත යොමු කරන්න. උදාහරණයක් වශයෙන් ඔවුන් බිත්තියේ රූප අඳිමින් සිටින්නේ නම් “බබා අපි මේ කඩදාසියේ චිත්‍ර අඳිමු ද?” යනුවෙන් පවසා ඔහුගේ අවධානය ඒ සඳහා යොමු කිරීමට කටයුතු කළ හැකිය.
කිසියම් හෝ සිද්ධියක ස්වභාවික ලෙස ඇතිවන ප්‍රතිවිපාක වලට මුහුණදීමට සලස්වන්න: කිසියම් වූ සිද්ධියකින් ඇතිවිය හැකි ස්වභාවික ප්‍රතිඵල අත්විඳීමට හැකි සෑම විටම දරුවාට ඉඩ ලබාදෙන්න. උදාහරණයක් ලෙස ඔවුන් සීතල දවසක කබායක් ඇඳීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ට සීතල දැනෙන අතර ඊළඟ වතාවේ කබාය ඇද ගෙන යෑමට ඔවුන් තීරණය කර කරනු ඇත.
8. ඔබ ඔබ ගැන සැලකිලිමත් වන්න:
දෙමාපියකු ලෙස කටයුතු කිරීම ඉතාමත්ම අභියෝගාත්මක ක්‍රියාවක් විය හැක. එබැවින් චිත්තවේගීය ඔබව පුනර්ජීවනය කිරීමට සහ ඔබේ ඉවසීම සහ ස්වයං පිළිගැනීම/ ආත්ම විශ්වාසය පවත්වාගෙන යාම සඳහා ස්වයං රැකවරණය සඳහා ඔබ ප්‍රමුඛතාවය ලබා දෙන්න.
ප්‍රීතිමත් සහ හොඳින් හැඩගැසුණු දරුවන් ඇති දැඩි කිරීම සඳහා ඵලදායි ලෙස විනය නීතිරීති සැකසීම සහ සීමා මායිම් සැකසීම අත්‍යවශ්‍ය වේ. මෙම කොටසේ සපයා ඇති විස්තර සහ ඉඟි නිර්මාණය කර ඇත්තේ මවුවරුන්ට ආදරයෙන් තමන්ගේ දෙමාපියභාවය ඇති වගකීම් සහ යුතුකම් ඉටු කර ගැනීමට උපකාර කිරීම සඳහාය. සෑම දරුවකුම අද්විතීය බව මතක තබා ගන්න. එබැවින් ඔබේ දරුවාගේ පෞද්ගලික අවශ්‍යතා සහ පෞරුෂයට ගැළපෙන පරිදි මෙම යෝජනා සකස් කරගන්න. සීමා මායිම් සැකසීමේදී සහ විනය නීති රීති සැකසීමේදී සහසංවේදනයකින් යුතුව සහ අනුකූලතාවයකින් යුතුව දරුවා හික්මවීම මගින් ඔබ ආරක්ෂිත සහ පෝෂණීය පරිසරයක් දරුවාට නිර්මාණය කරයි. එමගින් ඔබගේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය සහ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරන අතරම ඔබේ දරුවාගේ සංවර්ධනයට ද ඔබ විශාල රුකුලක් වනු ඇත.