දෙමාපිය භාවයේදී ඇති විය හැකි පීඩනය කළමනාකරණය කර ගැනීම සහ ස්වයං පිළිගැනීම

 

දෙමාපියභාවය යනු ආදරය, අභියෝග සහ නව සොයාගැනීම් වලින් පිරුණු ගමනකි. අවුරුදු 3-5ත් අතර දරුවකුගේ මවක ලෙස බාහිරින් ඇතිවන පීඩනයන්ද කළමනාකරණය කර ගනිමින් දරුවාගේ වර්ධන අවදියන්හි සැරිසැරීමට උදව් කිරීම තුළින් ඔබ ඉතා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරයි. මෙම කොටස තුලින් දෙමාපියභාවයේදී ඇතිවන පීඩනයන් ඵලදායි ලෙස හැසිරවීමට සහ ස්වයං පිළිගැනීම ඇති කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රායෝගික උපදෙස් සහ තීක්ෂණ බුද්ධිය ඔබට ලබාදෙයි. 

1. මවක ලෙස ඔබ ඔබව ස්වයං පිළිගැනීමට ලක් කර ගැනීමේ ඇති වැදගත්කම:

  • ඔබේ වටිනාකම හඳුනාගන්න: ඔබගේ වටිනාකම දෙමාපියකු ලෙස ඔබගේ භූමිකාව මත පමණක් බැඳී නොමැති බව තේරුම් ගන්න. ඔබ සතුව බොහෝ අද්විතීය ගුණාංග ඇති බවත් එමගින් ඔබේ දරුවාගේ ජීවිතයට ඔබ විශාල වටිනාකමක් එකතු කරන බවත් නිතර සිහි තබා ගන්න.

  • ස්වයං රැකවරණය: ඔබගේ චිත්තවේගීය යහපැවැත්ම පවත්වා ගැනීමටත්, එය නැවත ඇති කර ගැනීමටත් ස්වයං රැකවරණයට ප්‍රමුඛත්වය ලබා දෙන්න. ස්වයං රැකවරණය මගින් තමාව පෝෂණය කළ මවකට තම දරුවාට වඩා හොද රැකවරණයක් ලබා දිය හැකිය. 

2. දෙමාපියභාවයේදී ඇති වන බාහිර පීඩනයන් කළමනාකරණය කිරීම:

  •  බාහිර අපේක්ෂාවන්: ඇතැම් විට සමාජය දරුවන් කෙරෙහි යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් ඇති කරයි. උදාහරණයක් ලෙස යම් නිශ්චිත වයසකින් සහ දරුවා සංවර්ධන සන්ධිස්ථාන කරා ළඟා විය යුතු බව ඇතැමුන්ගේ විශ්වාසයයි. නමුත් එක් එක් දරුවා වෙනස් ලෙස ඉදිරියට යන බවත් වෙනස් ලෙස සංවර්ධනය වන බවත් හඳුනා ගැනීම වැදගත් වේ.

  • දරුවා සැසඳීම: දරුවාගේ හැසිරීම අධ්‍යාපන කුසලතා හෝ දරුවාගේ භෞතික සංවර්ධනය සම්බන්ධයෙන් ඔබේ දරුවා අන් අය සමඟ සංසන්දනය කිරීමෙන් වලකින්න සෑම දරුවකුම අද්විතීය වන අතර දරුවා ඔවුන්ටම ආවේණික වූ වේගයකින් ඉදිරියට යන බව සිහි තබා ගන්න.

3. ස්වයං දයානුකම්පාව පුහුණු කිරීම: 

  •  ඔබ ඔබට කරුණාවෙන් සලකන්න: ඔබ ඔබේ දරුවාට කරුණාවෙන් සලකනවා මෙන්ම ඔබ ඔබටත් කරුණාවන්තව හොඳින් සලකන්න. ඔබ අතින් වැරැද්දක් සිදු වූ විටදී හෝ ඔබ යම් අභියෝගයකට මුහුණ දෙන විට, ඔබ ඔබ කෙරෙහි දයානුකම්පාව පෙන්වන්න.

  •  කිසිදු කෙනෙකු සර්ව සම්පූර්ණ නොවන බව වටහා ගන්න: දෙමාපියන් වශයෙන් වැරදි සිදුවීම ස්වභාවික බව තේරුම් ගන්න. අසම්පූර්ණ කම එනම් කිසි කෙනෙකු සර්ව සම්පූර්ණ නොවන බව පිළිගැනීම තුළින් ඔබට වර්ධනයට සහ ඉගෙනීමට ඉඩ සලසයි.

4. සිහි කල්පනාවෙන් යුතුව දෙමාපියභාවයෙහි නිරතවීම:

  •  මෙම මොහොතෙහි (වර්තමාන මොහොතේ) රැඳී සිටීමේ වැදගත්කම: ඔබේ දරුවා සමඟ මේ මොහොතේ එනම් වර්තමාන මොහොතේ සිටීම පුරුදු කරන්න. මෙය අතීතය හෝ අනාගතය පිළිබඳ ඇතිවන කනස්සල්ල අඩුකර ගැනීමට හේතුවේ.

  •  ප්‍රතිචාර දක්වන්න ප්‍රතික්‍රියා නොකරන්න: දෙමාපියභාවයේදී ඇතිවන අභියෝග වලට මුහුණ දෙනවිට ආවේගශීලීව ප්‍රතිචාර දැක්වීමට වඩා මොහොතක් ගෙන සිතා කල්පනාකාරීව ප්‍රතිචාර දක්වන්න.

5. ඵලදායි සන්නිවේදනය:

  • ඔබේ හැඟීම් බෙදා ගන්න: ඔබේ සහකරු, මිතුරන් හෝ ඔබ වටා ඇති අනෙකුත් අය සහ ඔබට ආධාර උපකාර කරන අය සමඟ ඔබ නිරන්තරයෙන් සන්නිවේදනය කරන්න. ඔබේ අත්දැකීම් බෙදා ගැනීමෙන් ඔබට ඇතිවන හුදකලා බව සහ හුදෙකලා හැඟීම් සමනය කර ගැනීමට උපකාර වෙයි.

  •  ක්‍රියාකාරීව සවන්දීම: ඔබේ දරුවා ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කරන විට එයට ක්‍රියාශීලීව සවන් දෙන්නෙකු වන්න. මෙමගින් වඩාත් විවෘත සන්නිවේදන සම්බන්ධතාවයක් සහ දරුවා සමඟ හොඳ බැඳීමක් ඇති කර ගැනීමට ඉඩ සලසයි.

6. යථාර්ථවාදී ඉලක්ක ඇතිකරගන්න:

  •  ඔබට වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කරන්න: දෙමාපියෙකු ලෙස ඔබේ ඉලක්ක වලට ප්‍රමුඛත්වය ලබා දෙන්න. කිසිම දෙමාපියකු පරිපූර්ණ දෙමාපියකු නොවන බවත් ඔබේ ඉලක්කය පරිපූර්ණ දෙමාපියකු වීම නොවන බව තේරුම් ගන්න. නමුත් ඔබේ දරුවා සමඟ ආදරණීය සහයෝගීමත් සම්බන්ධතාවයක් පෝෂණය කිරීම තුලින් ඔබට දෙමාපියකු ලෙස පරිපූර්ණ අවස්ථා රාශියක් උදා කර ගත හැකි බව සිහි තබා ගන්න.

  •  අසීරු කාර්යයන් කුඩා පියවර වලට කඩන්න: අසීරු කාර්යයන් වලට මුහුණ දෙන විට ඔබට ඇතිවිය හැකි ආතතිය අවම කර ගැනීම සහ එම කාර්යයෙහි ප්‍රගතිය ලඟාකර ගැනීම සඳහා එම කාර්යය කළමනාකරණය කරගත හැකි කුඩා පියවර වලට කඩාගන්න. 

7. අන් අයගේ සහාය ලබාගන්න:

  •  ඔබට ආධාර කරීමට සැදී පැහැදී සිටින ආධාරක ජාලය මගින් ඔබට අවශ්‍ය විට සහාය ලබාගන්න: ඔබට සහය හෝ මඟ පෙන්වීම අවශ්‍ය වූ විට ඔබගේ සහකරු, මිතුරන්, පවුලේ අය, දෙමාපියන් හෝ වෙනත් සහයක කණ්ඩායම් වල සහය ලබා ගැනීමට මැළි නොවන්න.

  •  වෘත්තීමය සහ විශේෂඥ සහාය අවශ්‍ය වන අවස්ථා: ඔබට වෘත්තීමය හෝ විශේෂඥ සහාය අවශ්‍ය බව හැඟේ නම්, ඒ සඳහා යොමු වීමට පසුබට නොවන්න. චිකිත්සකවරුන්ට සහ උපදේශකවරුන්ට ඔබට වටිනා මග පෙන්වීමක් ලබා දීමට හැකිය.

8. ඔබ වෙනුවෙන් ස්වයං රැකවරණය:

  • ස්වයං රැකවරණයට ප්‍රමුඛත්වය ලබා දෙන්න: ස්වයං රැකවරණය ඔබේ දින චර්යාවේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත් කරගන්න. එය කෙටි විවේකයක් ගැනීම, ඔබගේ විනෝදාංශ වල යෙදී සිටීම හෝ භාවනා කිරීම වැනි මනස ලිහිල් කිරීමේ ක්‍රම පුරුදු කිරීම වැනි ක්‍රියා මගින් සිදුකළ හැකි අතර ඒ පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

 

අවුරුදු තුනත් පහත් අතර දරුවන්ගේ මවුවරුන් සඳහා දෙමාපියභාවයේදී ඇතිවිය හැකි පීඩනය කළමනාකරණය කර ගැනීමත්, ස්වයං පිළිගැනීමත් ඉතා වැදගත් වේ. මෙම කොටසෙහි සපයා ඇති විස්තර සහ ඉඟි මව්වරුන්ට මෙම අභියෝගයන් වලට තීක්ෂණ බුද්ධියෙන් යුතුව, විශ්වාසයෙන්, කරුණාවෙන් සහ ස්වයං දයානුකම්පාවෙන් මුහුණ දීමට උපකාරී වනු ඇත. සෑම මවක් සහ දරුවකුම අද්විතීය බව මතක තබාගන්න. එබැවින් මෙම කොටසෙහි ඇති යෝජනා ඔබගේත් දරුවාගේත් තත්ත්වයන්ට ගැළපෙන පරිදි සකස් කරගන්න. ස්වයං පිළිගැනීම ඇතිකර ගැනීම සහ දෙමාපියභාවයේදී ඇතිවන පීඩනයන් ඵලදායි ලෙස කළමනාකරණය කර ගැනීම තුළින් ඔබේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය/ ආත්ම විශ්වාසය වැඩිදියුණු වන අතරම එය ඔබේ දරුවාගේ වර්දනය සහ සංවර්දනය සදහා පෝෂණීය පරිසරයක් නිර්මාණය කරයි.