ඔබේ දරුවාට නිසි වයසට අවශ්‍ය පෝෂණය ලබාදීම උද්යෝගිමත් මෙන්ම අභියෝගාත්මක කාර්යයක් විය හැකිය. අවුරුදු තුනත් පහත් අතර වයසෙහි පසුවන ඔබගේ දරුවා මෙම සංවර්ධන අවධියේදී ආහාර පුරුදු ඇති කරගැනීම සහ ආහාර තෝරා ගැනීම සම්බන්ධයෙන් ස්වාධීන වීමට උත්සාහ කරන අතරම ඔහු/ ඇය ආහාර සම්බන්ධව ඇති රුචි අරුචිකම් ඇති කරගැනීම සහ තෝරා ගැනීම මෙම අවධියේදී සිදු කිරීමට උත්සාහ ගනු ඇත. මෙම කොටස මගින් මවුවරුන්ට විශ්වාසයෙන් යුතුව තම දරුවාට අවශ්‍ය ආහාර තෝරා ගැනීමටත්, දරුවාට සෞඛ්‍යසම්පන්න ආහාර පුරුදු ඇති කර ගැනීමටත් එම පුරුදු ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය බුද්ධිය සහ ප්‍රායෝගික උපදෙස් සපයනු ලබයි.
- සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ වැදගත්කම:
- නිසි පෝෂණයෙහි වැදගත්කම: මෙම අවධිය තුළ ඔබගේ දරුවාගේ වර්ධනය සහ සංවර්ධනය සඳහා නිසි පෝෂණය අත්‍යවශ්‍ය වේ.
- නිසි පෝෂණය සඳහා මූලික පියවර: ඔබගේ දරුවා මෙම අවධියේදී ඇති කර ගන්නා ආහාර පුරුදු සහ ආහාර රටාවන් ඔවුන්ගේ පසුකාලීන ජීවිතයේ ආහාර පුරුදු සහ ආහාර රටා කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරයි.
- සෞඛ්‍යසම්පන්න ආහාර තෝරා ගැනීම දිරිමත් කිරීම:
- ආහාර තෝරා ගැනීමේදී සහ ආහාර ගැනීමේදී ඔබ දරුවාට ආදර්ශමත් වන්න: සමබල ආහාර වේලක් ලබා ගැනීම තුළින් ඔබ දරුවාට ආදර්ශමත් වන්න. දරුවන් බොහෝ විට තම දෙමාපියන්ගේ ආහාර පුරුදු අනුකරණය කරයි.
- ආහාර වල විවිධත්වයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන්න: විවිධත්වයෙන් යුතු ආහාර ලබාදීම තුළින් ඔබගේ දරුවා විවිධ වූ රස වර්ග වලට කුඩා කලදීම හුරු වීම සිදුවේ. විවිධ වර්ණවලින් යුතු ආහාර (දේදුන්නේ පාටින් යුතු ව කෑම පිඟාන සකස් කිරීම) ලබාදීම තුළින් දරුවාට විවිධ වූ පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබාදීමට හැකිවනු ඇත.
- ආහාර ලබා ගන්නා අවස්ථාවල දී ඇති කරගත යුතු වාතාවරනය/ පරිසරය:
- ධනාත්මක වාතාවරණයක්/ පරිසරයක් නිර්මාණය කරන්න: ආහාර ගන්නා වේලාව විනෝදජනක සහ ආතතියෙන් තොර කරන්න. ආහාර ගැනීමේදී දරුවා සමග වාද විවාද ඇති කර ගැනීමෙන් හෝ දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීමෙන් වලකින්න. ආහාර පිඟාන සහ ආහාර වේල කෙරෙහි අවධානය යොමු කරන්න.
- පවුලේ අය සියල්ලන්ම එකතු වී ආහාර ගැනීම: හැකි සෑම විටම පවුලේ අය සියලූ දෙනාම එකතු වී එකට ආහාර ගන්න. එමගින් දරුවාට සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීමට උපකාර වන අතරම පවුලේ සාමාජිකයන් අතර වටිනා බන්ධනයක් ඇති කිරීමටද හේතු වේ.
- තීන්දු තීරණ ගැනීමේදී දරුවා සම්බන්ධ කරගැනීම:
- ඔබේ දරුවා සවිබලගැන්වීම: ආහාර වේල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඔබේ දරුවාට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න. සෞඛ්‍ය සම්පන්න විකල්ප ඉදිරිපත් කරමින් දරුවාට තේරීම් සිදු කර ගැනීම සඳහා ඉඩ සලසා දිය හැක. උදාහරණයක් ලෙස “ඔබ ඔබේ රාත්‍රී ආහාරය සමඟ කැරට් කෑමට කැමතිද? වට්ටක්කා කෑමට කැමතිද?” යනුවෙන් ඇසීමෙන් දරුවාට සෞඛ්‍ය සම්පන්න විකල්ප තුළ තේරීම් කිරීමට ඉඩ දිය හැක.
- ආහාර පිළියෙල කිරීම: ආහාර පිළියෙල කිරීම සඳහා ඔබේ දරුවාද හැකි සෑම විටම සම්බන්ධ කරගන්න. එමගින් ඔවුන් අලුත් ආහාර ගැනීමට වඩාත් උද්යෝගිමත් වනු ඇත.
- සෑම විටම තමන් කැමති අකමැති ආහාර ලෙස ආහාර තෝරන පොඩ්ඩන් හැසිරවීම:
- ඉවසිලිවන්ත වන්න: මෙම වයසේදී ආහාර තෝරා බේරා ගැනීමට දරුවා යොමු වීම සාමාන්‍ය දෙයක්. දරුවාගේ මෙම ක්‍රියාවට ඉවසිලිවන්තව මුහුණ දෙන්න. ඔබේ දරුවාට ආහාර ගැනීමට බලපෑම් කිරීමෙන් වලකින්න. දරුවා දිරිමත් කරන්න. නමුත් දරුවාට බල නොකරන්න.
- විවිධත්වයෙන් යුතු ආහාර දරුවාට ලබාදීම: ඔබේ දරුවා මුලදී යම්කිසි ආහාරයක් ප්‍රතික්ෂේප කළ ද විවිධ වූ ආහාර දරුවාට ලබා දීම දිගටම සිදු කරන්න. කාලයත් සමග දරුවා කැමති අකමැති රසයන් වෙනස් විය හැක. එබැවින් විවිධ වට්ටෝරු භාවිතා කරමින් ආහාර පිළියෙල කිරීමට උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස ඔබේ දරුවා බිත්තර තම්බා දුන්විට ප්‍රතික්ෂේප කරන්නේ නම් බැදපු බිත්තරයක් සෑදීමට උත්සාහ කරන්න. දරුවා තැම්බූ බිත්තරයට වඩා බැඳපු බිත්තරයට කැමති විය හැක.
- සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේල්:
- සෑම විටම කෙටි ආහාර වේල් සඳහා සෞඛ්‍ය සම්පන්න පෝෂදායි ආහාර තෝරා ගන්න: එළවළුවක්, පලතුරු, පොඩි කළ අර්තාපල්, යෝගට්, චීස් වැනි සෞඛ්‍ය සම්පන්න පෝෂදායි කෙටි ආහාර වේල් තෝරා ගැනීමට උත්සුක වන්න. වැඩිපුර සීනි, ලුණු එකතු කළ ආහාර සහ සැකසූ කෙටි ආහාර සීමා කරන්න.
- කෙටි ආහාර වේල් ලබාදිය යුතු වේලාවන්: දිනකට කෙටි ආහාර වේල් දෙකක් සැලසුම් කරගත හැක. ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරට මෙම කෙටි ආහාර වේල සැලසුම් කරගන්න. ප්‍රධාන ආහාර වේල සහ මෙම කෙටි ආහාර වේල අතර අවම වශයෙන් පැය දෙකක හෝ තුනක පරතරයක් තබා ගන්න.
- දරුවාගේ ශරීරය සජලනය කිරීමේ වැදගත්කම:
- නිරන්තරයෙන් ජලය පානය කිරීම දිරිමත් කරන්න: ජලය දරුවාගේ මූලික පානය බවට පත්කරන්න. සීනි සහිත බීම වර්ග සීමාකරන්න. පලතුරු යුෂ සෑදීමට වඩා පලතුරු අනුභව කිරීම වඩාත් හොඳය. තව ද පලතුරු යුෂ වලට සීනි එකතු නොකරන්න.
- විශේෂ ආහාර සහ ආසාත්මිකතා:
- සෞඛ්‍ය සේවා වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගන්න:
ඔබේ දරුවාට විශේෂ ආහාර අවශ්‍යතා හෝ ආසාත්මිකතා තිබේ නම් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගේ මග පෙන්වීමක් ලබා ගන්න.
ඔබේ දරුවා තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ ආහාර රටා පෝෂණය කිරීම දෙමාපිය භාවයේ අත්‍යවශ්‍ය අංගයකි. මෙම කොටසෙහි සපයා ඇති විස්තර සහ ඉඟි විශ්වාසයෙන් යුතුව තම දරුවාගේ ආහාර රටා සහ ආහාර පුරුදු පෝෂණය කිරීමටත්, දරුවාගේ වර්ධනයට සහ සංවර්ධනයට උපකාර කිරීමටත් අත්‍යවශ්‍ය වේ. සෑම දරුවකුම අද්විතීය බව මතක තබා ගන්න. එබැවින් ඔබගේ සහ ඔබගේ දරුවාගේ පෞද්ගලික තත්වයන්ට ගැලපෙන පරිදි මෙම යෝජනා සකස් කර ගන්න. ආහාර වේල් ගැනීම සඳහා ධනාත්මක වාතාවරණයක්/ පරිසරයක් ඇති කිරීමෙන් සහ සෞඛ්‍යය සම්පන්න ආහාර තේරීම දිරිගැන්වීමෙන් ඔබ ඔබගේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය/ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරගන්නවා පමණක් නොව ඔබේ දරුවා සඳහා ජීවිත කාලය පුරාම සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ ආහාර රටා සඳහා වේදිකාව සැකසෙනු ඇත.