ඔබේ දරුවාට ඔහුගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන හොඳ පුරුදු ඉගැන්වීම ඔවුන්ගේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය අංගයකි. මෙම පුරුදු දරුවාගේ සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කරනවා පමණක් නොව දරුවාට විශ්වාසය සහ ස්වාධීනත්වය ඇති කිරීමට ද උපකාරී වේ. දරුවා හට හොඳ පුරුදු ඉගැන්වීම සහ ස්වයං රැකවරණය ඵලදායි ලෙස ඉගැන්වීම සඳහා මව්වරුන්ට අවශ්‍ය වන විස්තර සහ ප්‍රායෝගික උපදෙස් මෙම කොටසෙන් ලබාදේ.
1. හොද පුරුදු මගින් දරුවාගේ ජීවිතය හැඩ ගැන්වීමේ ඇති වැදගත්කම:
සනීපාරක්ෂාව: හොඳ සනීපාරක්ෂක පුරුදු දරුවාගේ පිරිසිදුකම ප්‍රවර්ධනය කරන අතර විවිධ වෛරස්, බැක්ටීරියා සහ වෙනත් රෝග කාරක මගින් ඇතිවන රෝග වළක්වාලයි.
ස්වාධීනත්වය: ඔබේ දරුවාට හොඳ පුරුදු තුලින් තමන්ව හැඩගස්වා ගැනීමට ඉගැන්වීම මගින් දරුවාගේ ස්වාධීනත්වය සහ ආත්ම විශ්වාසය වර්ධනය වේ.
2. දින චර්යාවක් සැකසීම:
දරුවාට කාල සටහනක් සකසන්න: නින්දට යාමට පෙර දත් මැදීම, කෑමට පෙර අත් සේදීම යනාදි ස්ථාවර සනිපාරක්ෂක චර්යාවන් මෙම කාල සටහනට ඇතුලත් කරන්න.
දෘශ්‍ය සටහන් සැකසීම: ඔබේ දරුවාට යම් යම් කාර්යයන් අවබෝධ කරගැනීමට පහසු කිරීමට සහ එදිනෙදා දින චර්යාවට එම කාර්‍යයන් ඇතුලත් කර ඒවා අනුගමනය කිරීමට උපකාර කිරීම සඳහා ප්‍රස්තාර හෝ පින්තූර වැනි දෘශ්‍ය ආධාරක භාවිතා කරන්න. උදාහරණයක් ලෙස නිසි ලෙස අත් සේදීම පිළිබඳ පෝස්ටරයක් දරුවා අත සෝදන සින්ක් එක අසල ප්‍රදර්ශනය කළ හැකි අතර එමගින් දරුවාට නිසි ලෙස අත් සේදීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කළ හැක.
3. අත් සේදීම:
අත් සේදීම සඳහා නිසි ක්‍රමවේදය භාවිතා කිරීම: විශේෂයෙන්ම කෑමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු සබන් ගා නිවැරදි ක්‍රමවේදයට අත් සෝදන ආකාරය ඔබේ දරුවාට උගන්වන්න. අවම වශයෙන් තප්පර විස්සක්වත් ඔවුන් නිසි ලෙස අත් සෝදන බවට වග බලා ගන්න.
4. දන්ත ආරක්ෂාව:
දත් මැදීම: දරුවාට නිසි ලෙස දත් මදින ආකාරය නිරූපණය කරමින් උගන්වන්න. ළමුන් සදහා නිර්දේශිත ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් සහ කුඩා මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් ඔබේ දරුවාට දත් මැදීම සඳහා ලබාදෙන්න.
නිරන්තරයෙන් දන්ත පරීක්ෂාවන් සඳහා යොමුවන්න: දරුවාගේ මුඛ සෞඛ්‍ය සහතික කිරීම සඳහා දරුවා නිරන්තරයෙන් දන්ත පරීක්ෂාවන් සඳහා යොමු කරන්න.
5. නාන වෙලාව:
·අධීක්ෂණය: දරුවා නාන වෙලාව ඔබ සමීපව අධීක්ෂණය කරන්න. විශේෂයෙන්ම ඔබේ දරුවා තනිවම සෝදා ගැනීමට ඉගෙන ගන්නා විට දරුවා සමීපයේ සිට ඔහු හෝ ඇය අධීක්ෂණය කරමින් ඔවුන්ට නිසි දේ හොඳින් කියා දෙන්න.
සබන් සහ ෂැම්පු භාවිතය:දරුවන් සඳහා නිර්දේශිත හිතකාමී සබන් සහ ෂැම්පු වර්ග භාවිතා කරන්න.
6. දරුවාගේ හිස කෙස් සඳහා රැකවරණය:
හිස පීරීම: දරුවාගේ හිසේ උකුණන්, ඉස්හොරි, හිසකෙස් වල ගැට ඇති වීම වැනි ගැටලු වළක්වා ගැනීම සඳහා දිනපතා හිස පිරිමැදීමට ඔබේ දරුවට උගන්නන්න.
හිසකෙස් සේදීම/ නෑම: දරුවාගේ හිසකෙස් නිසි ලෙස සේදීමට උපදෙස් දෙන අතරම ඒ සඳහා ඔවුන්ට මඟ පෙන්වන්න. මෙය ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට සහ තනිවම එම ක්‍රියාව කිරීමට දිරිමත් වීමක් වෙයි.
7. නියපොතු සඳහා රැකවරණය:
නියපොතු කැපීම:නියපොතු අපිරිසිදු වීම තුළින් ලෙඩ රෝග ඇති වීම වළක්වාලීමටත්, දිග නියපොතු මගින් තුවාල ඇතිවීම වළක්වා ගැනීමත් ඔබේ දරුවාගේ නියපොතු නිසි ලෙස කපා පිරිසිදුව තබා ගන්න.
8. ඇඳුම් තේරීම සහ ඇඳුම් ඇඳීම:
ඇඳුම් තේරීම: ඔබේ දරුවාට දවසේ ඇඳුම් තෝරා ගැනීමට දිරිමත් කරන්න. මෙය දරුවා තුළ ස්වාධීනත්වය වර්ධනය කිරීමට උපකාර වනු ඇත.
ඇඳුම් ඇඳීම: කමිස සහ කලිසම් වැනි සරල අයිතම වලින් පටන් ගෙන ඇඳුම් අඳින සහ ගලවන ආකාරය ඔවුන්ට උගන්වන්න.
9. ධනාත්මක ශක්තිමත් කිරීම:
උත්සාහයන් ප්‍රශංසා කිරීම: ඔබේ දරුවාගේ කුඩා වූ හෝ උත්සාහයන් නිරන්තරයෙන් ප්‍රශංසා කරන්න. මෙය දරුවාගේ ආත්ම අභිමානය ඉහළ නැංවීමට හේතුවේ.
ආදර්ශමත් හැසිරීම: ඔබ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් සහ දරුවාට පෙන්නුම් කිරීමෙන් ආදර්ශමත් වන්න.
10. ඔබ වෙනුවෙන් ස්වයං රැකවරණය:
ඔබ ඔබ ගැන සැලකිලිමත් වන්න: ඔබේ දරුවාට හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කිරීමට මෙන්ම ඔබගේ ස්වයං රැකවරණයට ද ප්‍රමුඛත්වය ලබා දෙන්න.
ඔබේ දරුවාට හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ ස්වයං රැකවරණය ඉගැන්වීම දෙමාපියභාවය වටිනා කොටසකි. මෙහි සපයා ඇති විස්තර සහ ඉඟි මෙම අත්‍යවශ්‍ය ජීවන කුසලතා වර්ධනය කරගැනීම සදහා තම දරුවන්ට ඵලදායි ලෙස මග පෙන්වීම සඳහා මව්වරුන්ට උපකාර කිරීම අරමුණු කරයි. ඔබේ දරුවාගේ අවශ්‍යතා සහ හැකියාවන්ට ගැලපෙන පරිදි මෙම යෝජනා සකස් කර ගන්න. හොද සෞඛ්‍යාරක්ෂිත පුරුදු පෝෂණය කිරීමෙන් ඔබ ඔබගේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය/ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරගන්නවා පමණක් නොව ඔබේ දරුවාට ජීවිත කාලය පුරාම සනීපාරක්ෂාව, ස්වාධීනත්වය සහ විශ්වාසය සඳහා පදනමක් ද සකසනු ඇත.