නින්ද හා බැඳුණු සෞඛ්‍ය සම්පන්න පුරුදු

 

ඔබේ දරුවාගේ වර්ධනය, සංවර්ධනය සහ සමස්ත යහපැවැත්ම සඳහා නින්ද අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් ඔබේ දරුවාට සෞඛ්‍ය සම්පන්න නිදන පුරුදු ස්ථාපිත කිරීම අභියෝගාත්මක විය හැකිය. මෙම කොටසෙහි සපයන ඉඟි සහ විස්තර මව්වරුන්ට විවේකී රාත්‍රියක් සහතික කිරීම සඳහා දරුවාට සෞඛ්‍ය සම්පන්න නිදන පුරුදු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වටිනා අවබෝධයක් සහ ප්‍රායෝගික උපදෙස් සපයයි.

 

  1. ගුණාත්මක නින්දෙහි ඇති වැදගත්කම:
  • වර්ධනය සහ සංවර්ධනය: ඔබේ දරුවාගේ ශාරීරික සහ සංජානන වර්ධනය සඳහා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. එය දරුවාගේ සමස්ත සෞඛ්‍යයට ම සහාය වෙයි.
  •  චිත්තවේගීය යහපැවැත්ම: හොඳ නින්දක් ලබා හොඳින් විවේකීව සිටින දරුවෙකු සාමාන්‍ය දරුවකුට වඩා සතුටින් මෙන්ම වැඩි අවධානයකින් සිටී. එමෙන්ම ඔවුන් ඔවුන්ගේ හැඟීම් කළමනාකරණය කර ගැනීමටත් වඩා හොඳින් සමත් වේ.
  1. නින්ද සඳහා ස්ථාවර චර්යා රටාවන් ස්ථාපිත කිරීම:
  • කාලසටහනක් සකසන්න: දිනපතා නින්දට යන වේලාවක් සහ අවදි වන වේලාවක් ස්ථාපිත කිරීම මගින් ඔබට දරුවාගේ නින්ද නියාමනය කිරීමට රුකුලක් වනු ඇත.
  • එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාකාරකම්: දරුවා නින්දට යෑමට පෙර දරුවාට පොතක් කියවීම හෝ කතාවක් කීම වැනි ක්‍රියාකාරකමක් එදිනෙදා දින චර්යාවට ඇතුළත් කර ගැනීම මගින් දරුවාට සන්සුන් නින්දකට පෙර සූදානමක් ලබාගත හැකිය.
  1. දරුවා නිදන පරිසරය:
  •  සුවපහසු ඇඳ: ඔබේ දරුවාගේ ඇඳ සහ ඇද ඇතිරිලි සුවපහසු සහ පිරිසුදු බවට වග බලා ගන්න. එමගින් දරුවාට සැපවත් නින්දක් සහතික කර ගත හැක.
  •  නිදන විට රාත්‍රියට දල්වන විදුලි බුබුළු: සමහර දරුවන් රාත්‍රි කාලයේ යම්කිසි වූ ආලෝකයක් ඇත්නම් (විදුලි බුබුලක් දැල්වීම තුළින්) සැනසීමක් ලබන අතර ඇතැම් දරුවන් සම්පූර්ණ අන්ධකාරයට කැමැත්තක් දක්වයි. ඔබේ දරුවාගේ මනාපයට ගරු කරන්න.
  1. ඩිජිටල් තිර කාලය සීමා කරන්න:
  • ඉලෙක්ට්‍රොනික උපාංග: ජංගම දුරකථන, ලැප්ටොප්, ටීවී වැනි ඉලෙක්ට්‍රොනික උපාංග දරුවාගේ නින්දට බාධා ඇති කළ හැකිය. එබැවින් එම දේවල් භාවිතා කිරීම දරුවා නින්දට යෑමට පැයකට පෙර වත් නවතා දමන්න.
  1. රාත්‍රී ආහාරය:
  • රාත්‍රී ආහාරය ගන්නා වේලාව: දරුවාගේ රාත්‍රී ආහාරය දරුවා නිදා ගැනීමට පැය දෙකකටවත් කලින් ලබාදී අවසන් කරන්න.
  1. දරුවා රාත්‍රියට බය වීමක් ඇත්නම් එය විශ්ලේෂණය කරන්න:
  • දරුවා කැමැති දෙයක් නිදා ගැනීමට ඔහුට හෝ ඇයට ලබා දෙන්න: ඔබේ දරුවාට ඔවුන්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක් ඔවුන් කැමති බ්ලැන්කට්ටුවක් වැනි සුවපහසු අයිතමයක් නිදන විට ළඟින් තබා ගැනීමට ඉඩ දීම තුලින් රාත්‍රී කාලයේදී ඔවුන්ට ඇති විය හැකි බිය දුරු කිරීමට උපකාරී වේ. 

 

  • දරුවාට රාත්‍රී කාලයේ දී බියක් නො දැනෙන බවට සහතික කිරීම: ඔබේ දරුවා නින්දෙන් බියවී අවදි වන්නේ නම් දරුවා සමග කතා කර ඔහුගේ බිය දුරු කිරීම සඳහා ඔහුට සැනසීම ලබා දෙන්න. ඔවුන්ගේ බිය අතාර්කික යැයි බැහැර කිරීමෙන් වලකින්න. මෙය ඔවුන්ගේ බිය තවත් උග්‍ර කළ හැකිය. එසේ හෙයින් රාත්‍රී කාලයේදී දරුවා බිය වන අවස්ථාවලදී ඔවුන් සමග කතා කර දරුවාට සැනසීම ලබා දීමට සැමවිටම උත්සාහ කරන්න.
  1. ඉවසිලිවන්ත වන්න:
  •  දරුවා රාත්‍රියේ අවදි වීම: දරුවන් ඉඳහිට රාත්‍රියේ අවදි වීම සාමාන්‍ය දෙයකි. ඉවසිලිවන්තව එයට මුහුණ දෙන්න. දරුවා රාත්‍රියේ අවදි වූ විට දී දරුවා සමඟ උත්තේජක ක්‍රියාකාරකම්වල නොයෙදී ඔවුන්ව නැවත නින්දට යවන්න. 
  1. ස්ථාවර ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමේ වැදගත්කම:
  • ස්ථාවරව සිටින්න: සෞඛ්‍ය ආරක්ෂිත නිදන පුරුදු ස්ථාපිත කිරීම සහ නින්දට යෑමේ වේලාව දරුවාට ස්ථාපිත කිරීම සඳහා ඔබ ගනු ලබන ක්‍රියා පටිපාටිය ස්ථාවරව සෑම දිනකදීම පවත්වාගෙන යන්න. සති අන්ත දිනවල දී සහ නිවාඩු දිනවල දී ද ඔබ ස්ථාපිත කර ඇති ක්‍රියාපටිපාටියෙහි ස්ථාවරව සිටින්න.
  1. ඔබ වෙනුවෙන් ස්වයං රැකවරණය:
  • ඔබගේ විවේකයට ප්‍රමුඛත්වය ලබා දෙන්න: ඔබට ප්‍රමාණවත් විවේකයක් ලැබෙන බවට සහතික වන්න. හොඳින් විවේකීව සිටින මවක රාත්‍රී කාලයේ දරුවාගේ නින්දෙන් අවදි වීම සහ නිදන පුරුදු හැසිරවීමට වඩා හොඳින් සන්නද්ධ වේ.

 

ඔබේ දරුවා සඳහා සෞඛ්‍ය සම්පන්න නිදන පුරුදු ඇති කිරීම ඔවුන්ගේ යහපැවැත්ම සහ ඔබගේ යහ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. මෙහි සපයා ඇති ඉඟි සහ විස්තර මව්වරුන්ට තම දරුවන් වෙනුවෙන් ධනාත්මක නිදන චර්යාවක් ස්ථාපිත කිරීමට සහ සාමකාමී නිදන පරිසරයක් ලබා දීමට උපකාර කරයි. ඔබේ දරුවාගේ පෞද්ගලික අවශ්‍යතාවයන්ට සහ පෞරුෂයට ගැළපෙන පරිදි මෙම යෝජනා සකස් කර ගන්න.  දරුවා සඳහා ගුණාත්මක නින්දක් ප්‍රවර්ධනය කිරීමෙන් ඔබ ඔබගේ දෙමාපිය කාර් ස්වයංකාර්යක්ෂමතාවය/ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරගන්නවා පමණක් නොව ඔබේ දරුවාගේ වර්ධනය, සංවර්ධනය සහ චිත්තවේගීය යහපැවැත්මට සහාය වනු ඇත.