දරුවා කෝපාවිෂ්ට ව හැසිරෙන විට දරුවා සන්සුන් කිරීම සඳහා ගත හැකි උපාය මාර්ග

 

කෝපාවිෂ්ඨ වීම/ තරහ යෑම දරුවාගේ වර්ධනයේ සාමාන්‍ය දෙයකි. විශේෂයෙන්ම අවුරුදු තුනක් පහත් අතර දරුවන්ට ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස කෝපාවිෂ්ට වීම/ තරහ යෑම භාවිතා කරයි. හොඳ දෙමාපිය ළමා සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතරම දරුවාගේ තරහ යෑම/ කෝපාවිෂ්ට බව ඵලදායි ලෙස හැසිරවීමට මව්වරුන්ට වටිනා අවබෝධයක් සහ ප්‍රායෝගික උපදෙස් මෙම කොටසින් සපයයි.

1. දරුවාට තරහ යෑම/ කෝපාවිෂ්ට ක්‍රියා තේරුම් ගැනීම:

  • සාමාන්‍ය වර්ධනය: ඇතැම් හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඉගෙන ගන්නා විට දරුවා කෝපයට පත්වීම දරුවාගේ වර්ධනය සාමාන්‍ය අංගයකි. 

  • සන්නිවේදනය: දරුවා තම අවශ්‍යතා සහ හැඟීම් ඵලදායි ලෙස සන්නිවේදනය කිරීමට අරගල කරන විට බොහෝ විට කෝපයට පත්වීම සිදු විය හැක.

2. සන්සුන්ව සහ ඉවසිලිවන්ත ව සිටින්න:

  • ආදර්ශමත් හැසිරීම: දරුවන් තම දෙමාපියන්ගේ හැසිරීම බලා එමගින් ඉගෙන ගනියි. එම නිසා ඔබ නිරන්තරයෙන් සංසුන්ව සිටීමට උත්සාහ ගන්න. දරුවා තුළ ඔබට දැකීමට අවශ්‍ය හැසිරීම දරුවාට පෙන්වමින් ඔබ දරුවාට ආදර්ශමත් වන්න.

  •  ඉවසීම පුරුදු කරන්න: ගැඹුරු හුස්මක් ගෙන දරුවාගේ මෙම තරහ යෑම/ කෝපාවිෂ්ට බව තාවකාලික බව ඔබට මතක් කර ගන්න. මෙවන් අවස්ථාවලදී ඔබ ඉවසීමෙන් කටයුතු කිරීම එම තත්ත්වය සමනය කිරීමට උපකාරී වේ.

3. දරුවාට තරහ යෑම/ කෝපාවිෂ්ට වීම වළක්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම:

  • දින චර්යාවක් සැකසීම: දරුවාට තෙහෙට්ටුව නිසා හෝ කුසගින්න නිසා කෝපයක් ඇති වීමේ/ තරහ යාමේ සම්භාවිතාව අඩු කර ගැනීම සඳහා දරුවාට ස්ථාවර දින චර්යාවකට පුහුණු කරවන්න.

  • සන්නිවේදනය: දරුවාට වචනවලින් තම හැඟීම් ප්‍රකාශ කිරීමට දිරිමත් කරන්න. ඔවුන්ගේ අවශ්‍යතා සන්නිවේදනය කිරීමට සුදුසු ක්‍රම කියා දෙන්න.

4. දරුවාගේ කේන්තිය අතරතුර/ කෝපාවිෂ්ට වී ඇති අතරතුර:

  •  ආරක්ෂාව පළමුව: දරුවා කේන්ති ගොස් දඟලන විටදී, ඔබේ දරුවා ආරක්ෂිත බව තහවුරු කරගන්න. අනතුරු සිදුවිය හැකි ස්ථාන වලින් ඔවුන් ඉවතට ගෙන යන්න.

  • දරුවාට සමීප ව සිටින්න: දරුවාගෙ පුද්ගලික අවකාශයට නොපැමිණ භෞතිකව දරුවා ලඟින් පෙනී සිටින්න. ඔබ දරුවා වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන්ට දැන්වීම සඳහා මෙය උපකාරී වේ.

  • සරල භාෂාවක් භාවිතා කරන්න: දරුවා සමඟ සන්සුන්ව කතා කරන්න.  ඔවුන්ගේ හැඟීම් පිළිගැනීම සඳහා සරල වචන භාවිතා කරන්න. උදාහරණයක් ලෙස “බබා ඔයා කලබල වෙලා දුකෙන් ඉන්න බව මට පෙනෙනවා” වැනි දේ පැවසීමට හැකිය.

  • දරුවා සමග තර්ක කිරීමෙන් වලකින්න: මෙවන් අවස්ථාවල දී දරුවා සමග තර්ක කරමින් බල අරගලයකට පැටලීමෙන් වලකින්න. ඔබේ දරුවා කෝපයෙන් සිටින විට තර්ක කිරීමට සහ හේතු පහදා දීමට අකමැති විය හැකිය. 

5. දරුවාට තෝරාගැනීම් සිදු කිරීමට ඉඩ ලබාදීම:

  •  සීමිත තෝරාගැනීම් සිදු කිරීම: සුදුසු අවස්ථාවන්වලදී සරල තෝරාගැනීම් සිදු කිරීමට දරුවාට අවස්ථාව ලබා දෙන්න. උදාහරණයක් ලෙස “බබා ඔයාට නිල් පාට කමිසය ද අඳින්න ඕන? රතුපාට කමිසය ද?” යනුවෙන් දරුවාගෙන් අසමින් ඔහුට හෝ ඇයට තෝරා ගැනීමක් සිදු කිරීමට ඉඩ සලසා දිය හැකිය.

 

  • බලගැන්වීම: ඔබේ දරුවාට පාලනය පිළිබඳ හැඟීමක් ලබා දීමෙන් දරුවාට ඇතිවන කලකිරීම අඩු කර ගැනීමට උපකාරී වේ.

6. දරුවා කේන්ති ගොස් සිටින විට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම:

  • අවධානය වෙනතකට යොමු කිරීම: සමහර අවස්ථාවන්වලදී වෙනත් ක්‍රියාකාරකමකට හෝ වෙනත් අයිතමයකට දරුවාගේ අවධානය වෙනස් කිරීම දරුවාගේ සමනය කිරීමට උපකාරී වේ.

  • දරුවාට තම ඉන්ද්‍රියන් භාවිතා කරමින් සන්සුන් වීමට ඉගැන්වීම: සන්සුන් සංවේදී සෙල්ලම් බඩුවක් සැපයීම, සබන් බෝල පිම්බීම වැනි සංවේදී ක්‍රියාකාරකම් භාවිතා කරමින් දරුවාගේ කේන්තිය පාලනය කිරීමට උත්සාහ ගත හැක. 

7. දරුවාට කේන්ති යාමකින් පසුව සිදු වූ දේ විශ්ලේෂණය කරන්න/ ආවර්ජනය කරන්න:

  • ආවර්ජනය කිරීම: ඔබේ දරුවා සන්සුන් වූ පසු ඔවුන්ට කේන්ති ගොස් සිටින අවස්ථාවේ දී ඇති වූ හැඟීම් ගැන ඔවුන් සමග කතා කරන්න. ඔවුන්ගේ හැඟීම් හඳුනාගැනීමට සහ එම හැඟීම් ප්‍රකාශ කිරීමට උදව් කරන්න 

  • ගැටලුවලට මුහුණ දීමේ කුසලතා උගන්වන්න: දරුවාට කේන්ති ගොස් සිටිනා විට එය පාලනය කර ගැනීමට උපකාර වන උපායමාර්ග දරුවාට උගන්වන්න.  උදාහරණයක් ලෙස ගැඹුරු හුස්මක් ගැනීම, දහයට ගැන ගණන් කිරීම වැනි උපායමාර්ග.

8. සැමවිටම දරුවා සමඟ ස්ථාවරව ගනුදෙනු කරන:

  • සීමා මායිම් සැකසීම: දරුවා අභියෝගාත්මක ලෙස හැසිරෙන අවස්ථාවන් සඳහා සීමා මායිම් ක්‍රියාත්මක කරන්න. 

  •  ධනාත්මක ශක්තිමත් කිරීම: දරුවාගේ සහයෝගීතාවය දිරිමත් කිරීම සඳහා දරුවාගේ හොඳ හැසිරීම්/ ධනාත්මක හැසිරීම් අගය කරන්න. 

9. ඔබ වෙනුවෙන් ස්වයං රැකවරණය:

  •  විවේක ගන්න: ඔබගේ ඇති ආතතිය කළමනාකරණය කර ගැනීම සඳහා නිරන්තරයෙන් විවේක ගැනීමට මතක තබා ගන්න.

 

ඔබේ දරුවා කේන්ති ගෙන හැසිරෙන විට/ කෝපාවිෂ්ට වී ඇති විට එය පාලනය කිරීම අභියෝගාත්මක නමුත් කළමනාකරණය කළ හැකි දෙයකි. මෙම කොටසෙහි සපයා ඇති ඉඟි සහ විස්තර මෙම අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඉවසීමෙන් සහ සංවේදනයකින් මෙම අවස්ථාවන්ට මුහුණදීමට මව්වරුන්ට උපකාර කිරීම අරමුණු කරයි. ඔබේ දරුවාගේ අද්විතීය අවශ්‍යතා සහ පෞරුෂයට ගැළපෙන පරිදි මෙම උපාය මාර්ග සකස් කරගන්න. සංසුන්ව ප්‍රතිචාර දැක්වීමෙන් සහ ඔබේ දරුවාට චිත්තවේගීය නියාමනය ඉගැන්වීමෙන් ඔබ ඔබගේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය/ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරගන්නවා පමණක් නොව දරුවාගේ චිත්තවේගීය වර්ධනයට සහ සමස්ත යහපැවැත්මට සහාය වනු ඇත.