ඔබේ දරුවා සමඟ ඉගෙනීම් කටයුතු කිරීම සහ පෙර පාසල් ක්‍රියාකාරකම් සිදුකිරීම

 

ඔබේ දරුවා සමඟ පෙර පාසල් ක්‍රියාකාරකම් වල නියැලීම ඔවුන්ගේ සංජානන, සමාජයීය සහ චිත්තවේගීය වර්ධනය පෝෂණය කිරීමට ඇති අපූරු ක්‍රමයකි. මෙම කොටස මගින් මව්වරුන්ට තම දරුවන් සඳහා ආකර්ෂණීය මෙන්ම අධ්‍යාපනික අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අවබෝධයක් සහ ප්‍රායෝගික උපදෙස් සපයයි. 

1. පෙර පාසල් ක්‍රියාකාරකම් වල වැදගත්කම:

  •  සෙල්ලම් කිරීම තුළින් ඉගෙනීම: පෙර පාසල් ක්‍රියාකාරකම්, සෙල්ලම් කිරීම හුදෙක් විනෝදය සඳහා පමණක් නොව ඔබේ දරුවාගේ වර්ධනයටද අත්‍යවශ්‍ය වේ. දරුවා අත්‍යවශ්‍ය කුසලතා රාශියක් ගොඩ නැගීමටද මෙය ඉවහල් වේ.

  •  දරුවා සමඟ ඇතිවන බැඳීම: විවිධ වූ ක්‍රියාකාරකම් වල නියැලෙමින් දරුවා සමග ගුණාත්මක කාලයක් ගත කිරීම තුළින් දෙමාපියන් සහ දරුවා අතර ඇති බැඳීම ශක්තිමත් කරයි.

2. දරුවා සමග විවිධ වූ ක්‍රියාකාරකම් වල යෙදෙන්න :

  •  චිත්‍ර ඇඳීම සහ අත්වැඩ කිරීම: දරුවාගේ නිර්මාණශීලීත්වය දිරිමත් කිරීම සඳහා දරුවාට පාට පැන්සල්, පැස්ටල්, කඩදාසි වැනි චිත්‍ර ඇඳීමට සහ අත්වැඩ වලට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න. චිත්‍ර ඇඳීම හා වර්ණ ගැන්වීම වැනි දේ වලින් දරුවාගේ නිර්මාණශීලීත්වය සඳහා හොඳ ආරම්භයක් ලබා ගත හැක.

  • දරුවා සමග එකතුවී කතා පොත් කියවීම: දරුවාගේ භාෂා සංවර්ධනය සහ පරිකල්පනය උත්තේජනය කිරීම සඳහා දරුවා සමඟ වයසට ගැලපෙන පොත් කියවන්න.

  • එළිමහනේ ක්‍රීඩා කිරීම: දරුවාගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැංවීමට සහ ස්වභාව ධර්මය අගය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා එළිමහනේ ක්‍රීඩා කිරීමට සහ ස්වභාවධර්මය ගවේෂණය කිරීමට ඔබේ දරුවාට ඉඩ ලබාදෙන්න.

  • ප්‍රහේලිකා සහ ක්‍රීඩා: ගැටළු විසඳීමේ කුසලතාවයන්ට සහ අභියෝගයන්ට මුහුණදීම හුරු කිරීම සඳහා දරුවා සමග එකට එකතු වී සරල ප්‍රහේලිකා සහ ක්‍රීඩා කරන්න.

3. ජංගම දුරකථන වල ඇති අධ්‍යාපනික යෙදුම් සහ ක්‍රීඩා:

  • ගුණාත්මක අධ්‍යාපනික යෙදුම් සහ ක්‍රීඩා භාවිතය: ඔබේ දරුවාගේ වයස සහ ඉගෙනුම් ඉලක්ක සමඟ සමපාත වන අධ්‍යාපනික යෙදුම්, ක්‍රීඩා සහ වීඩියෝ වර්ග තෝරා බේරා දරුවාට බලන්න දෙන්න. මේවායින් දරුවාට වඩා වටිනා ඉගෙනුම් අවස්ථා ලබා දිය හැකිය.

  •  ඩිජිටල් තිර කාලය සීමා කරන්න: අනෙකුත් ක්‍රියාකාරකම් සමග සෞඛ්‍යසම්පන්න සමතුලිතතාවයක් සහතික කිරීම සඳහා ඩිජිටල් තිර කාලය මත සීමාවන් පනවන්න. ඩිජිටල් තිර කාලය දිනකට පැය එකකට සීමා කරන්න.

4. දෛනික චර්යාවන් (එදිනෙදා ජීවිතයේ කරන වැඩ) හරහා ඉගෙනීම:

  • ආහාර ගන්නා වේලාව විනෝදයෙන් ගත කිරීම: සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ගණන් කිරීම හා වර්ණ පිළිබඳ සංකල්ප ඉගැන්වීම සඳහා ආහාර ගැනීමේ වේලාව භාවිතා කළ හැක. එය දරුවා සමග අන්තර් ක්‍රියාකාරී අත්දැකීමක් බවට පත් කරගන්න.

  •  ගෙදර දොරේ වැඩ කිරීමෙන් ඉගෙනීම: වයසට ගැළපෙන ගෙදර දොරේ වැඩ වලට ඔබේ දරුවා සම්බන්ධ කරගන්න. මෙමගින් දරුවාට වගකීම් සහ වටිනා ජීවන කුසලතා ඉගෙන ගැනීමට හැකිය.

5. අනෙකුත් දරුවන් සමඟ සෙල්ලම් කිරීමේ අවස්ථා සංවිධානය කිරීම සහ සමාජ අන්තර් ක්‍රියා පෝෂණය කිරීම:

  • අනෙකුත් දරුවන් සමග සෙල්ලම් කිරීමේ අවස්ථා සංවිධානය කිරීම: සමාජ අන්තර් ක්‍රියා දිරිමත් කිරීම සහ දරුවාට වැදගත් සමාජ කුසලතා වර්ධනය කිරීම සඳහා අනිකුත් දරුවන් සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් සංවිධානය කර දෙන්න.

  • බෙදා හදා ගැනීම සහ සහයෝගීතාවය: ක්‍රීඩා කිරීමේ දී අනෙකුත් දරුවන් සමග බෙදා හදා ගැනීම, තම වාරය එන තුරු සිටීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ඔබේ දරුවාට උගන්වන්න. 

6. කුතුහලය දිරිමත් කරන්න:

  • දරුවා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න: ඉවසිලිවන්තව ඔබේ දරුවාගේ කුතුහලය තෘප්තිමත් කිරීමට සහ ඉගෙනීම උත්තේජනය කිරීමට ඔවුන් අසන ප්‍රශ්න වලට හැකි ආකාරයෙන් පිළිතුරු ලබා දෙන්න. 

  • ප්‍රශ්න ඇසීම: ප්‍රශ්න ඇසීමට සහ දරුවාගේ සිතුවිලි සහ අදහස් ප්‍රකාශ කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. 

7. නම්‍යශීලී සහ ඉවසිලිවන්ත වන්න:

  • දරුවාගේ රුචිකත්වයට ඉඩදෙන්න: ඔබේ දරුවාගේ රුචිකත්වයන් කෙරෙහි අවධානය යොමු කර ඒවාට ගැළපෙන ලෙස ක්‍රියාකාරකම් සකසන්න.

  • දරුවාගේ වැරදි සඳහා ඉඩ දෙන්න: වැරදි සිදුවීම ඉගෙනගැනීමේ ම කොටසකි. ඔබේ දරුවා අභියෝගවලට මුහුණ දෙන විට ඉවසීමෙන් සහ සහයෝගයෙන් සිටින්න. 

8. දරුවාගේ ජයග්‍රහණ සමරන්න:

  •  දරුවාගේ උත්සාහයන් ප්‍රශංසා කරන්න: ඔබේ දරුවාගේ ජයග්‍රහණ කොතරම් කුඩා වුවත් ඒවා සමරන්න. දරුවා ගන්නා උත්සාහයන් වලට ප්‍රශංසා කරන්න. මෙය ඔවුන්ගේ ආත්ම අභිමානය සහ අභිප්‍රේරණය ඉහළ නැංවීමට උපකාරී වනු ඇත.

  • ·දරුවාගේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න: කාලයත් සමඟ දරුවාගේ වර්ධනය දැකීමට විවිධ ක්‍රියාකාරකම් වල ඔබේ දරුවාගේ ප්‍රගතිය නිරීක්ෂණය කර බලන්න.

 

9. ඔබ වෙනුවෙන් ස්වයං රැකවරණය:

  • විවේක ගන්න: ඔබේ යහපැවැත්ම නැවත ඇති කර ගැනීම සහ පවත්වා ගැනීමට ඔබ වෙනුවෙන් විවේක ගැනීමට මතක තබා ගන්න.

 

ඔබේ දරුවා සමඟ පෙර පාසල් ක්‍රියාකාරකම් වල නියැලීම ඔවුන්ගේ සංවර්ධනයට සහාය වන ඉතා හොඳ අත්දැකීමකි. මෙම කොටසෙහි සපයා ඇති ඉඟි සහ විස්තර මව්වරුන්ට තම දරුවන් සමඟ අර්ථවත් අධ්‍යාපනික අවස්ථා නිර්මාණය කිරීමට උපකාර කරයි. ඔබේ දරුවාගේ අද්විතීය රුචිකත්වයන්ට සහ හැකියාවන්ට ගැලපෙන පරිදි මෙම යෝජනා සකස් කරගන්න. දරුවා කෙරෙහි ඉගෙනීමට සහ ගවේෂණයට ආදරයක් ඇති කිරීම තුලින් ඔබ ඔබගේ දෙමාපිය ස්වයං කාර්යක්ෂමතාවය/ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරනවා පමණක් නොව ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය සහ සතුට සඳහා ශක්තිමත් පදනමක්ද සපයයි.